වාහන පෝලිමේ දිග කිලෝමීටර් එකහමාරයි

205

මීගහකිවුල නගරයේ ඇති එකම ඉන්ධන පිරවුම්හලට දින තුනකින් ඞීසල් නොලැබීම හේතුවෙන් ඊයේ (29 දා) උදෑසන ඉන්ධන පිරවුම් හලේ ඉදිරිපස සිට බදුල්ල – මහියංගන මාර්ගයේ බදුල්ල දෙසට කිලෝමීටර් එකහමාරක පමණ දිගු ඉන්ධන පෝලිමක් දැකන්නට ලැබිණි.

විශාල පිරිසක් බූලිවලට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල අසල හිස් ඉන්ධන බූලි ගොඩ ගසා ඇති ආකාරයද දැකගන්නට ලැබිණි.

ඉන්ධන අර්බුදයක් නැතැයි කවුරුන් කෙසේ කීවද දින තුනක් තිස්සේ තමුන් ඞීසල් ලබා ගැනීම සඳහා මීගහකිවුල නගරය ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම් හල අසල පෝලිමේ සිටින බව එහි පැමිණී ජනතාව පැවසූහ.

දින තුනකින් ඞීසල් බවුසරයක් නොපැමිණි බව ඉන්ධන හලේ සේවකයෝද පැවැසූහ.

කන්දකැටිය – ජී. චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment