වාහපු එකත් හොඳයි!

174

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඔස්‌ට්‍රේලියාවේ සිට කියයි

තමා ඉකුත් 12 වැනිදා ඔස්‌ට්‍රේලියාවට පැමිණි පසු තමාගේ කාර්යාලයේ ආරක්‍ෂාව සඳහා එය වසා දැමීමට ගත් තීරණය හොඳ යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ සූම් තාක්‍ෂණය ඔස්සේ මාධ්‍යයට ප්‍රකාශ කළේය.

තමාට තනතුරෙන් අස්වෙන්න යැයි දැනුම් දුන්නාට නතුරෙන් එසේ ඉවත්කිරීමට නොහැකි යැයි ද හෙතෙම කීවේය. තමාව ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් යැයි ද පරීක්‍ෂණවලදී වරදක් කළ බවට සොයා ගත්තොත් පමණක් යැයි ද හෙතෙම පැවසීය. තනතුරෙන් ඉවත්වීම සඳහා මාස 20 ක පමණ කාලයක් තමාට තිබෙන බව ද ජනක රත්නායක මහතා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment