වැක්සිනය කඩිනම් කිරීමේ හමුදා කුමන්ත‍්‍රණය

461

හැමදාම එකම ඇඳුම ඇඳ එකම හැඩයක් ඇතිව හොරකමේ එන හොරා දුරදීම හඳුනාගත හැකි අතර වැට පනින විටම බෙල්ලට දෙකක් දී මට්ටු කළ හැකිය. එහෙත් අද සරමක් ඇඳගෙන එන හොරා හෙට කලිසම් කමිස ඇඳගෙන මුහුණෙහි රැුවුලක් අලවා කළු සන් ග්ලාසස් දමා එනවිට වැට පැන්නත් හඳුනාගත නොහැකිය. ඒ නිසා හොරාට බෙල්ලට දෙකක් දීමට ගෙවල් අයිතිකාරයාට නුවණක් ක්ෂණිකව පහල වන්නේ නැත. ඒ අනුව ගෙවල් අයිතිකාරයා පසුකරගෙන ගේ තුළට දිව ගොස් කෑම මේසය මත ඇති පර්ස් එකත් ඩැහැගෙන පස්ස දොරෙන් පැනයන්නට හොරාට හැකිය. ඉන්ෆ්ලූ‍වන්සා වර්ගයේ උණ රෝග වලට අයත් සියලූ‍ වෛරස් දවසින් දවස හැඩය මාරු කරයි. පෙර කී හොරා මෙන් දවසින් දවස හැඩය මාරු කරයි. විසිවන සියවසේ මුල් කොටසේදී කොළඹ දී පෙන්වන ලද ටීටර්
 
 නාඩගම්වල සිටින ජෝකර් මෙන් ඉන්ෆ්ලූ‍වන්සා වෛරසයද විවිධ ස්වරූපයෙන් මතුවේ. මේ කියන ජෝකර් මුලින්ම වේදිකාවට එන්නේ රතු ඉරි සහිත කලිසමක් සහ එවැනිම අත් දිග කමිසයක් ඇඳගෙනය. ඊට ටික වේලාවකට පසු හෙතෙම ජංගියක් ඇඳගෙන වේදිකාවෙන් මතුවෙයි. තෙවනුව ඔහු එන්නේ අමුඩයක් ගහගෙනය. සිව්වනුව සරමක් සහ කෝට් එකක් ඇඳගනී. මේ කොයි ඇඳුමෙන් ආවත් ජෝකර් කරන්නේ විහිලූ‍ කිරීමය. කවර ස්වරූපයෙන් ආවත් ඉන්ෆ්ලූ‍වන්සා වර්ගයේ වෛරස් කරන්නේ ශරීරයේ අභ්‍යන්තරයට වැද දෙගුණ තෙගුණ වෙමින් පෙන්හැල්ලේ ශ්ලේෂ්ම පටලය කා දැමීමය. මෙවිට එකී පෙනහැල්ල අයිතිකරුවාට උණ ගනී. බෙහෙත් වලින් උණ සනීප කරනු ලැබුවද තවත් ටික කාලයකින් වෙනත් හැඩයකින් වෛරසය ශරීරය තුළට රිංගයි. එවිට මේ අලූ‍ත් පෙනුමට මුහුණ දෙන හැටි ගැන ශරීරයේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට අවබෝධයක් නැත. ඉන්ජෙක්ෂන් ගැහුවත් සමහරුන්ට කොවිඞ් 19 සෑදේ. එයට පිළිතුර ඉහත කී වගන්ති කියවන ඔබට පැහැදිලි කරගත හැකිය. ශ‍්‍රී ලංකාවේ ජනගහනය දෙකෝටි විසි ලක්ෂයකි. මේ වනවිට රට තුළ කොවිඞ් වෛරස් වර්ග පහක් හෝ හයක් තිබේ. ගහන එන්නත ඇස්ට‍්‍රාසෙනිකා වේවා, ස්පුට්නික් වේවා, සයිනෝෆාම් වේවා, මොඩෙර්නා වේවා ගහ ගත්තොත් වාසිය ජනතාවටය. එවිට කොවිඞ් හැදුනත් ලෙඩා මැරෙන්නේ ඉතා කලාතුරකිනි. වෛරසය නිසා හටගන්නා ද්විතියික ආසාදන (Secondary Infection) වලින් වැඩි හරියක් මර්දනය කිරීමට වැක්සිනයට පුළුවන. කොවිඞ් 19 සහ වැක්සිනය පිලිබඳ මූලික කතාව මෙතැනින් නිමයි.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම රජයේ ඉහළ මුලාදෑනි තනතුරු වලට මෙන්ම සුළු මුලාදෑනි තනතුරු වලටද පැන්ෂන් ගිය ආමිකාරයන් පත්කරනු ලැබීමත් සමගම සංත‍්‍රාසයට පත්වුණු මේ රටේ විපක්ෂය මිලිටරි ආණ්ඩුවක් ළඟ එන බව කීවේය. ඊළඟට කොවිඞ් එන්නත දීමේ වගකීම ත‍්‍රිවිධ හමුදාවට පැවරූ ගෝඨාභය ඒ කර්තව්‍යයේ ප‍්‍රධාන මුලාදෑනියා ලෙස යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කළේය. එකල විපක්ෂයේ ඇතැමුන් කිව්වේ ඊළඟ සතියේදී හමුදා කුමන්ත‍්‍රණයක් ඇතිවී රටේ පාලනය හමුදාව අතට යන බවයි. අපේ රටේ සිටින මෝඩ හරක් රැුල නොදන්නා කාරණයක් තිබේ. ශ‍්‍රී ලංකාව තුළ කවර මට්ටමේ ආණ්ඩු පෙරලියක් ඇති වුවද හමුදා කුමන්ත‍්‍රණයක් ඇති වී මිලිටරි ආණ්ඩුවක් ඇතිවීමට ඉඩක් නැත. එයට හේතු කීපයක් තිබේ. පළමුවැන්න අපේ ඔලූ‍ව උඩින් ඉන්දියාව අප දෙස බලා සිටීමය. ඉන්දියාව නොදැන හමුදා කුමන්ත‍්‍රණයක් ඇතිවීමට මේ රට තුළ කිසිදු ඉඩක් නැති අතර ඉන් ඇතිවිය හැකි හානි සළකා බලා එවැන්නක් හටගැනීමට ඒ රට කිසි කළෙකත් ඉඩ දෙන්නේ නැත. තම අසල්වැසියන් වන පාකිස්ථානය හා බංග්ලාදේශයේ ඇතිවන හමුදා කුමන්ත‍්‍රණ නිසා ඉන්දියාව පරිප්පු ලොරි පිටින් කා ඇත. එබැවින් හමුදා කුමන්ත‍්‍රණ කතාව අලූ‍යම ලූ කෙළ පිඬක් නොව මළ පිඬක් ලෙස බැහැර කරනු ලැබේ. මේ රටේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය තුළ ජනාධිපති හෝ ඔහුගේ ගෝල පිරිස විසින්
 
 ගන්නා ලද හොඳම තීරණය කොවිඞ් වැක්සිනය  ගැසීම ත‍්‍රිවිධ හමුදාවට භාර දීමය. හමුදාව කොතරම් කදිමට කළේද යත් සමහර දිනෙක රට පුරා විවිධ තැන් වලදී පන් ලක්ෂයකට වැක්සිනය ලබා දුන්නේය. මෙය ආසියානු ලෝක වාර්තාවකි. හමුදාව එය කොතරම් වේගයෙන් සිදු කලේද යත් වැක්සිනය දෙන ඇතැම් තැන්වල දවල් දොළහ එක වන විට වැඬේ ඉවර විය. සෞඛ්‍ය සේවකයන් විසින් වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් වැක්සින ලබාදීම මෙතැනදී අවතක්සේරු කරනු නොලැබේ. ගම් මට්ටමේ වෛද්‍ය මධ්‍යස්ථාන හෝ රජයේ රෝහල් හෝ ප‍්‍රජා සෞඛ්‍ය අංශ මගින් වැක්සිනය දෙනවිට විවිධ ප‍්‍රශ්න මතුවෙයි. වැක්සිනය ප‍්‍රමාද වූ විට මිනිස්සු දොස්තර ලා සමග ඇර ගනිති. තව සමහරු පෝලිම් කඩාගෙන එති. තව පිරිසක් විවිධ හිතවත්කම් පාවිච්චි කොට පස්සේ දොරෙන් එති. මේවාට දොස්තර ලා හෝ නර්ස් ලා විරුද්ධ වූ කල්හි මිනිස්සු දොස්තරලාට බනිති. මිනිස්සු දොස්තරට හෝ නර්ස් ට බය නැත. එහෙත් මිනිස්සු ආමි එකට බය ය. එසේම යුධ හමුදාවේ කළමනාකරණය සෙසු සෞඛ්‍ය අංශ වලට නැත. සිවිල් වැසියන් බහුල වශයෙන් රැුස්වන තැනක් කලමනාකරණය කළ හැක්කේ හමුදා හෝ පොලිස් නිල ඇඳුමට පමණි. බහු ජනතාව රැුස්වන ස්ථාන වලට පොලිසිය සහ යුධ හමුදාව යොදවනු ලබන්නේ ඒ නිසාය. මේ කාරණය නිසා යුධ හමුදාවක් හෝ පොලිස් හමුදාවක් කරන කළමනාකරණය ඒ ආකාරයෙන් සිදු කිරීමට සිවිල් කොටස් වලට කිසි ලෙසකත් නොහැක. දැනට කොවිඞ් වැක්සිනය සිය ජනතාවට ලබාදෙන රටවලින් 12% ක් පමණ එම කටයුත්ත සඳහා ආරක්ෂක හමුදාවල සහය ලබාගන්නා බව දැනගන්නට තිබේ. ඒ සියලූ‍ රටවල් ඉතා සාර්ථක ලෙස කොවිඞ් වැක්සිනය ලබා දී ඇත. යුධ හමුදාව ප‍්‍රමුඛ සෙසු අංශවල එකතුවෙන් කොවිඞ් වැක්සිනය ලබා දුන් ආකාරය අනුව වැඩිම වැක්සින් ප‍්‍රමාණයක්, රටේ ජනගහනයට සාපේක්ෂව ලබාදීමේ මුල් තැන හිමිවන්නේ ලංකාවටය. මේ නිසා යුධ හමුදාව යුද්ධයට අමතරව වෙනත් වැඩවලටද ඉතාම සුදුසු බව සැක හැර පෙන්විය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment