වැටුණු ව්‍යාපාරිකයන් නැගිට්ටවන්න අලුත් පැකේජයක් – මුදල් අමාත්‍යාංශය කියයි

71

අසීරුතාවන්ට මුහුණපා සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) නැවත සවිබල ගැන්වීමේ අරමුණින් ආයෝජන සහ කාරක ප්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීමට පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එමගින් ආර්ථික අර්බුද සමයේ ඊට මුහුණ දුන් සහ මේ වන විටත් පවත්වාගෙන එන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහාය ලබාදීම මෙන්ම අක්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් කාරක ප්‍රාග්ධනය සඳහා 8%ක් ද, ආයෝජනය සඳහා 7%ක් ද වන සේ දැරිය හැකි සහන පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීමට හැකියාව ඇති බව ද එම අමාත්‍යාංශය කියයි.


advertistmentadvertistment