මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන කාන්තා 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිදුවෙමින් පවතින විස්මිත ප්‍රවණතාවක් පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වී තිබේ. ඒ, උඩපන්දු ගිලිහී යෑමේ විස්මිත ආකාරයේ ප්‍රවණතාවක් මතුව තිබීම පිළිබඳව ය.
ඔක්තෝබර් 6 වැනිදා වන විට තරගාවලියේ එතෙක් පැවති තරගවලදී උඩපන්දු 62ක් රැකගෙන තිබුණු අතර ගිලිහී ගිය උඩපන්දු සංඛ්‍යාව 35කි.
ඒ අනුව, උඩපන්දු රැක ගැනීමේ සාමාන්‍යය 63.9%කි. ඇතැම් උඩපන්දු රැක ගැනීමට අසීරු තත්ත්වයක පැවතිය ද, උඩපන්දු රැක ගැනීමේ සාමාන්‍යය නම් සැලකිය යුතු ලෙස පහළ මට්ටමක පවතී. 2023 වසරේ මෙම තරගාවලියේදී උඩපන්දු 50ක් රැක ගත් අතර, 11ක් ගිලිහී ගොස් තිබිණි. එහි උඩපන්දු රැක ගැනීමේ සාමාන්‍යය 82%ක් විය. 2020 වසරේ තරගාවලියේදී උඩපන්දු 48ක් රැකගෙන 6ක් ගිලිහී ගියේ ය. එහි සාමාන්‍යය 89%කි.
2018 වසරේ තරගාවලිය තුළ ද උඩපන්දු රැක ගැනීමේ සාමාන්‍යය 85%ක් ලෙස පැවතිණි. තරගාවලියේ මෙතෙක් අසාර්ථක ම උඩපන්දු රැක ගැනීමේ ප්‍රතිශතය ඇති කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වන අතර, ඔවුන් රැකගෙන ඇත්තේ, ඔවුන්ට ලැබුණු උඩපන්දු අවස්ථාවලින් 33% ක් පමණි. ඔවුන්ගේ තරග දෙක ම ඩුබායිහි ක්‍රීඩා කර ඇත.
උඩ පන්දු රැක ගැනීමේ හොඳ ම ප්‍රතිශතය ඇති කණ්ඩායම වන්නේ, සාර්ජාහි දිවා කාලයේ ක්‍රීඩා කළ ලෝක ශූර ඔස්ට්‍රේලියාව යි.