වැන්දට පස්සෙ අද වහී කියලා අම්මා කිව්වා…. හත්වලාමයි!

880

සංඛ දස හැවිරිදි දරුවෙකි. පදිංචිව සිටින්නේ කොළඹ, වත්තකය. තාමත් පාසලේ පස්වැනි වසරේ ඉගෙනුම ලබන මේ දරුවා කුඩා කළ සිටම නරක ඇසුරක පැටලූණේ වත්තේ සෙසු දරුවන් හා එක්වෙමිනි.

පාසල් අධ්‍යාපනයට වඩා වත්ත පුරා සැරිසරමින් කාලය ගත කළත් හැකි සෑම විටම පාසල වෙත ඔහු ගියේ මවගේ පෙරැුත්ත කිරීමටය.

”අම්මේ… මට ඉස්කෝලේ යන්න බෑ.” හැමදාම උදේට මේ දරුවා අඬන්නේ බඩ රිදෙනවා ආදිය කියමිනි.

දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලක උපන් ඔහු පවුලේ බාලයාය.

කටකාරය දඩබ්බරය අගහි`ගකම් නිසා පාසල් අධ්‍යාපන කටයුතු කෙරෙන්නේද ඕනෑවට එපාවටය.

මේ කියන දිනයේ සංඛ පාසලට ගියේ දින දෙකකට පසුවය.

පංති භාර ගුරුතුමිය, පංතියට ආවේ ‘‘ආයුබෝවන්” කියමිනි. ආයුබෝවන් ටීචර් කටකාර සංඛද කට ඇර කෑගසා කීවේ සුපුරුදු හඬිනි.

මේ ළමයි උදේට අම්මට තාත්තට වැඳලද පාසල් එන්නෙ. ගුරුතුමිය විමසුවාය.

පංතියම නිශ්ශබ්දය අම්මට තාත්තට වැඳලා එන අය අත උස්සන්න අත එසවුණේ දරුවන් සිව්දෙනකුගේ පමණි.

අනෙක් දවසෙ එනකොට සියලූමදෙනා අම්මටයි – තාත්තටයි වැඳලා එන්න ඕනේ. ඒ අය මොනවද වැන්ඳට පස්සෙ කියපු දේ කියලත් මතක තියාගෙන ඇවිත් මට කියන්න ඕනේ.

ඊළඟ දවස එළැඹුණි. දෙමාපියන්ට වැඳලා ආව කට්ටිය අත උස්සන්න. පංතියේ සියලූ ළමයින්ගේ අත එසැවී තිබිණි.

වැන්දට පසු දෙමාපියන් කී දේවල් ද ළමයි කීවේ තරගයට මෙනි.

සංඛගේ අම්ම මොකද කීවේ

”අපේ අම්මා කිව්වා අද වහියි’’ කියලා පංති භාර ගුරුතුමිය හිනාව මැඬ ගත්තේ අමාරුවෙනි.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment