වැය කරන හැම රුපියලකටම ප්‍රතිලාභ ඕනෑ

88

මුදල් ලේකම්ගෙන් රාජ්‍ය ආයතනවලට උපදෙස්

ලබන වර්ෂය (2025) සඳහා රාජ්‍ය වියදම් දැරීමේදී වැය කරන මුදලට අගය සහ වැය කරන සෑම රුපියලකටම උපරිම මහජන ප්‍රතිලාභ ලැබෙන බවට තහවුර කරගත යුතු බවට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ජාතික අය වැය චක්‍රලේඛය නිකුත් කරමින් ලබන වසර සඳහා වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා දෙමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇත.

ආර්ථිකය මුහුණ දී සිටින අවදානම් සහ ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ආරම්භක අවධිය තුළ ඇති විය හැකි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් වීම අත්‍යවශ්‍ය බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යවා ඇති එම චක්‍රලේඛයේ සඳහන් වේ.

අභ්‍යන්තර සහ බාහිර අභියෝග තුළින් අනාගතයේදී එල්ල විය හැකි දුෂ්කරතා පිළිබඳව සලකා බලා මහා භාණ්ඩාගාරය විසින් මුදල් සංචිත ගොඩනැගීම සහ රාජ්‍ය මූල්‍ය ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවද එහි සඳහන් කර තිබේ.

එහි තවදුරටත් සඳහන් වන්නේ පසුගිය දෙවසරට සාපේක්ෂව රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ සැළකිය යුතු මට්ටමක ස්ථාවරත්වයක් ඇතිව තිබුණත් මෙය කිසිසේත්ම සෑහීමට පත්විය යුතු අවස්ථාවක් නොවන බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment