වැය කලත් කෝටියක්  වැඩක් නැත අවුරුදු නමයක් 

107

 

පුරාවිද්‍යා ගවේෂණ හා  කැණිම් කටයුතු සදහා  ඡයාරුප ලබාගැනිමේ අරමුණින් මිලදී ගත්  නියමුවන් රහිත ගුවන්යානය  වසර නමයක කාලයක  සිට  නිෂ්කාර්ය ව ඇතැයි වාර්තා වේ . නවින තාක්ෂණය පිළිබද  ආතාර් සි ක්ලාක්  ආයතනය  විසින්   රුපියල් එක්කෝටි පන්ලක්ෂ,හැටහතරදහස්,හයසියහැත්තැහතක් (10,564,677) වැයකරනු ලැබ මෙය මිලදී ගෙන තිබේ .ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වන පරිදි .2016 වර්ෂයේ දි මෙකි නියමුවන් රහිත ගුවන්යානය මිලදි ගෙන තිබේ .

එම විගණන වාර්තාවේ සඳහන් ආකාරයට , එය ක්‍රියාත්මක කිරිමට ද  රුපියල්  එක්ලක්ෂ,දසදහස්තුන්සිය විස්සක මුදලක් (110,320) වැයකර තිබේ . මේ සදහා අවශ්‍ය  පුහුණුව හා පියාසර කිරිමට අවශ්‍ය  අවසරය ද ලබාගෙන තිබුනද  නියමුවන් රහිත ගුවන්යානය  මිලදි ගත් දින සිට ,එය ක්‍රියාත්මක තත්ත්වයේ තිබී නැත . මෙම ගුවන් යානය භාවිතා කිරිමට අවශ්‍ය කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.


advertistmentadvertistment