වැරදි කළ රියැදුරන් 4,000කට සී.සී.ටී.වී. දඩ

282

කොළඹ නගරය ආශ්‍රිතව පොලිසිය මගින් ස්ථාපිත කර ඇති සී.සී.ටී.වී. කැමරා මගින් ලබාගන්නා දර්ශනවලට අනුව, මේ වසරේ දී මේ දක්වා රථවාහන වැරදි කළ රියැදුරන් 4000කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව 2025 ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 20 වැනිදා දක්වා කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කළ රියැදුරන් 4048 දෙනකුට එරෙහිව දඩ හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවැසීය.

මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment