බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී තමන් අතින් සිදුවූ වැරදි පිළිගනිමින් තමන් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව හෙතෙම ජනාධිපති වෙත දන්වා තිබේ.
ජනාධිපතිවරයා එය පිළිගෙන තිබෙන බව ආණ්ඩුවේ ප‍්‍රකාශකයකු සඳහන් කලේය.
