පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
එම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බව විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (18 දා) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේය.
එහිදී හෙතෙම මෙසේද කියා සිටයේය.
“පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය මම කථානායකවරයාට අද භාර දුන්නා. දැන් කෝප් කමිටුව දූෂණ වංචා වසාගන්න තැනක් බවට පත්වෙලා. කෝප් කමිටුව කතා සාප්පුවක් වුණාට ක්‍රියා සාප්පුවක් වෙලා නෑ. එය වෙනස් කළ යුතුයි.
කෝප් කමිටුවේ හිටපු සභාපති වැරදි ක්‍රියාවක් කළ බවට මන්ත්‍රීවරුන් නිගමනයකට පැමිණි නිසා කෝප් කමිටුවේ රැස්වීම් අත්හිටුවූවා. ඉන් පසුව කෝප් කමිටුවට නැවත එවැනි වැරදි ක්‍රියා සිදුකළ පුද්ගලයන් පත් කර තිබෙනවා. කෝප් කමිටුවෙන් සොයා බලන්නේ දූෂණ වංචා සිද්ධීන් පිළිබඳවයි. නමුත් කෝප් කමිටුවට පත් කරන පුද්ගලයන්ට එල්ල වෙලා තිබෙන චෝදනා විමසලා තිබෙනවා දැයි කියා ප්‍රශ්නයක් මතුවෙනවා. සුදුසු පුද්ගලයන් කෝප් කමිටුවට පත් නොකළොත් විශාල ගැටලුවක් ඇති වෙනවා. වැරදි පුද්ගලයන් මෙවැනි කමිටුවලට පත් කිරීමෙන් රටේ දූෂණය වංචාව නැති කරන්න බැහැ.
අකිත පෙරේරා