වැලන්ටයින් මත්සාද තහනම්

123

ආදරවන්තයන්ගේ දිනය යෙදෙන පෙබරවාරි 14 වැනිදාට මත්පැන් මත්ද්‍රව්‍ය, මත්පෙති සාද සහ ෆේස්බුක් සාද පවත්වන්නේ නම් ඒ සඳහා සම්බන්ධ වන අයට නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘‘දිවයින’’ට ඊයේ (11 වැනිදා) පැවසීය.

එදිනට ආදරවන්තයන්ට ආදරය කිරීමට කිසිම තහනමක් නොමැති බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේද කීය.

පෙබරවාරි 14 වැනිදාට ආදරවන්තයන්ගේ දිනය දා ආදරවන්තයන්ට ආදරය කරන්න කිසිම තහනමක් නැහැ. හැබැයි මත්පැන්, මත්ද්‍රව්‍ය, මත්පෙති සාද තබමින් සමරන්න තහනම්. ඒ විතරක් නොවෙයි ෆේස්බුක් සාදත් තහනම්. මීට පෙර තිබූ ආදරවන්තයන්ගේ දිනය දා මත්පැන් සාද, ෆේස්බුක් සාද විශාල ප‍්‍රමාණයක් වැටලූවා. ඒ නිසා මම දැන් සියලූ පොලිස් ස්ථානවලට දැනුම් දුන්නා මත්පැන් සාද ෆේස්බුක් සාද වටලන්න.

මේ දේවල්වලට වැඩි වශයෙන් එන්නේ බාල වයස්කාරයන්. ඒ නිසා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දුව, පුතා ගැන අවධානයෙන් ඉන්න කියලා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment