වැල්ලම්පිටියෙන් සහ වැලිකඩින් ඉස්සූ ත්‍රිරෝද 13ක් හමුවෙයි

62

චැසි සහ එන්ජින් අංක වෙනස් කර විකිණූ හතේ කල්ලිය මාට්ටු

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ත්‍රිරෝද රථ සොරාගැනීමේ සිද්ධීන් කීපයකට සම්බන්ධ සැකකරුවකු සොරාගත් ත්‍රිරෝද රථ 13ක් සමග පෙරේදා (24දා) සැකකරුවන් 07දෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

ලැබුණු තොරතුරකට අනුව සැකකරු වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි, මිලිග්‍රෑම් 400ක් තිබී පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 13ක් පොලිස් භාරයට ගැනුණු අතර එම ත්‍රිරෝද රථවල වර්ගය, එන්ජින් අංක, චැසි අංක සහ අංක තහඩු වෙනස් කර, හෝමාගම හා කිරිඳිවැල යන ප්‍රදේශවල පුද්ගලයන් දෙදෙනකුට අලෙවි කර තිබියදී සොයාගත් බව ද පොලිසිය කියයි.

මොවුන්, අදාළ ත්‍රිරෝද රථ වැල්ලම්පිටිය හා වැලිකඩ යන පොලිස් වසම් තුළින් සොරාගෙන තිබූ බව හෙළි වී ඇතැයි ද පොලිසිය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රියන්ත මද්දුමආරච්චි – මුල්ලේරියාව


advertistmentadvertistment