වැලිකඩ සාදය මරණයකින් නිමවෙයි

122

වැලිකඩ පොලිස් වසමේ වල්පොල ප්‍රදේශයේ පැවැති සාදයක් අතරදී ඇති වූ බහින්බස්වීමකින් පසු සිදුවූ පහරදීමකින් පුද්ගලයකු පෙරේදා (25 දා) මියගොස් ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වල්පොල, විජිතපුර මාවත ප්‍රදේශයේ පදිංචි ජී. ජී. සුනිල් (45) නමැති අයෙක් වේ.

මරණකරු තවත් තිදෙනෙකු සමග සාදයක් පවත්වා ඇති අතර එහිදී සිදුවූ බහින්බස් වීමකින් සිදුවූ පහරදීමකින් මෙම පුද්ගලයා මියගොස් ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනය සම්බන්ධයෙන් අංගොඩ වල්පොල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment