කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි අයේෂා කුමුදුනී මියයාමට හේතුව ගිනි තබා ගැනීමක් බව පොලිසිය පවසයි.
වැලිකන්ද සඳුන්පිටිය ප්රදේශයේ පදිංචි ඇය මියගොස් ඇත්තේ ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමකින් නොවන බව පොලිස් විමර්ශන අනුව තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් විමර්ශනයක් සිදුකර ඇත.
මේ දක්වා සිදුකර ඇති විමර්ශන අනුව අනාවරණය වී ඇත්තේ සිරුරට ගිනිතබා ගැනීමක් හේතුවෙන් ඇය තුවාල ලබා ඇති බවය.