වැලිගම හෝටලයක ෆේස්බුක් සාදයේදී ගංජා, හෑෂ්, මත්පෙති සමග තරුණයෝ 8ක් දැලේ

152

වැලිගම හෝටලයක ෆේස්බුක් ඔස්සේ සංවිධානය කරමින් තිබූ මත්ද්‍රව්‍ය සාදයක් පෙරේදා (14දා) රාත්‍රි වැටලූ වැලිගම පොලිසිය විවිධ පළාත්වල තරුණයන් 25 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලද තොරතුරකට අනුව වැලිගම හෝටලයේ පැවැති සාදය පරීක්ෂාවට ලක් කිරීමේදී සාදය සඳහා තරුණයන් 600කට ආසන්න පිරිසක් එහි රැඳී සිට ඇත.

වැලිගම හෝටලයක ෆේස්බුක් සාදයේදී ගංජා, හෑෂ්, මත්පෙති සමග තරුණයෝ 8ක් දැලේ

පොලිසිය එම තරුණයන් පරීක්ෂා කිරීමේදී ගංජා සන්තකයේ තබාගෙන සිටි තරුණයන් 9 දෙනකු ද, මත්පෙති ළඟ තබාගෙන සිටි තරුණයන් 8 දෙනකු ද, හෑෂ් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 8 දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අවුරුදු 16ත් 30ත් අතර වයසේ පසුවන මාතර, කොළඹ, අහංගම ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණයන් බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් තරුණයන් කොටවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

වැලිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩාමක් හා මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය ඒකාබද්ධව මෙම වැටලීම සිදු කළහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ලලිත් පද්මසිරි – මාතර අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment