වැස්සකටවත් වෛද්‍ය පීඨයකට ගිහින් නැති දේශපාලකයෝ මහාචාර්ය ඒකකය ගැන කතා කරනවා

224

‘‘මහාචාර්ය ඒකකය සම්බන්ධයෙන් අනවශ්‍ය ප‍්‍රශ්නයකට විෂය දැනුමක් නැති අනවශ්‍ය පිරිසක් මැදිහත් වී සිටින බවත්, විශේෂයෙන් මේ දේශපාලකයන් වැස්සකටවත් මහාචාර්ය ඒකකයට හෝ වෛද්‍ය පීඨයකට ගිහිල්ලා නැතුව ඇති‘‘ යැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පැවසීය.

 
 කුරුණෑගල ස්ථාපිත කිරීමට නියමිත මහාචාර්ය ඒකකය කුලියාපිටියට ඕනෑ යැයි කියන මේ දේශපාලකයන් මහාචාර්ය ඒකකයක් යනු කුමක්ද කියා දන්නේ නැතුව ජනතාව මුලාකර ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමට වෛද්‍ය සිසුන්ගේ අනාගතය විනාශ කිරීමේ උත්සාහයක යෙදෙන බව කුරුණෑගල පළාත් මහ රෝහලේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
 
 තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.
 
 කුලියාපිටිය රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්තුවා. ජනතාව නොමඟ යැවීමේ අදහස් ප‍්‍රකාශ වුණා. අපි වෛද්‍යවරු හැටියට ජනතාවට නිවැරැුදි උත්තරයක් දිය යුතුයි කියලා විශ්වාස කරලා මේ මාධ්‍ය හමුව සංවිධානය කළා.
 
 මහාචාර්ය ඒකකයක් කියන්නේ අංගසම්පූර්ණ ශික්ෂණ රෝහලක් යටතේ පවත්වාගෙන යන ඒකක කිහිපයක එකතුවක්. මේ මහාචාර්ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරු වෙනම කොටසක් ඉන්නවා. ආචාර්යවරු ඉන්නවා. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ අය සහ තව කොටසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ විශේෂ වෛද්‍යවරු. මේ අය තමයි මහාචාර්ය ඒකකයේ කටයුතු කරන්නේ. මහාචාර්ය ඒකකයක් තිබෙන්නේ ශික්ෂණ රෝහලක පමණයි. කැබිනට් පත‍්‍රිකාවකින් පමණක් ශික්ෂණ රෝහලක් වෙන්නෙ නෑ. ඒකට හොඳම උදාහරණය තමයි කුලියාපිටිය රෝහල. කුලියාපිටිය රෝහල අකිල විරාජ් ඇමැතිතුමා කැබිනට් පත‍්‍රිකාවකින් ශික්ෂණ රෝහලක් කළාට කුලියාපිටිය ශික්ෂණ රෝහලක් නෙමෙයි. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනමම චක‍්‍රලේඛයක් තිබෙනවා. ඒ චක‍්‍රලේඛණයේ සඳහන් වෙලා තිබෙනවා ශික්ෂණ රෝහලක තිබිය යුතු ගුණාංග මොනවද කියලා.
 
 ශික්ෂණ රෝහලක පළාත් මහ රෝහලක සහ මූලික රෝහලක වර්ගීකරණ ක‍්‍රම කීපයක්ම තිබෙනවා. ශික්ෂණ රෝහලක ප‍්‍රධාන ඒකක පහක් තිබෙන්ට ඕනෑ. උප ඒකක රාශියක් තිබෙනවා. වෛද්‍යවරයෙක් බිහිවෙන්නේ වෛද්‍ය විද්‍යාව පිළිබදව සියලූම දේ දැනගෙන.
 
 වෛද්‍යවරයා වගකියන්න ඕනෑ මිනිසුන්ගේ ජීවිතවලට. මනුෂ්‍යයාට වැළඳෙන සියලූම රෝග සම්බන්ධයෙන් මේ අවු. 6 තුළ ඉගෙන ගන්නවා. මේ අවුරුදු හයේ අවසාන අවුරුද්ද තමයි මහාචාර්ය ඒකකය කියන්නේ. මහාචාර්ය ඒකකයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ සායනික පුහුණුවක්. ගරිල්ලා සටනක් වගේ. වෛද්‍යවරයෙක් පමණයි ඒ සායනික පුහුණුවේ බරපතළකම දන්නේ. ලංකාවේ වෛද්‍යවරු මුළු ලෝකෙම පිළිගැනීමක් තිබෙනවා. අපි ඒ ප‍්‍රමිතිය ආරක්ෂා කරන්න ඕනෑ.
 
 කොළඹ ජාතික රෝහලේ තිබෙන පහසුකම් කුරුණෑගල පළාත් මහ රෝහලේ තිබෙනවා. දැනට වෛද්‍යවරයකු බිහිකරන්න පුළුවන් සියලූ පහසුකම් කුරුණෑගල පළාත් මහ රෝහල සතුව තිබෙනවා. කුලියාපිටිය රෝහල කැබිනට් පත‍්‍රිකාවකින් ශික්ෂණ රෝහලක් වුණාට ඒක ඒ බී වර්ගීකරණයේ මූලික රෝහලක්. මේක තමයි තිබෙන ප‍්‍රශ්නය. මේ තත්ත්වය කුලියාපිටිය දේශපාලකයන්ට තේරෙන්නෙ නෑ. මේ වර්ගීකරණය අනුව වෛද්‍ය සිසුන්ට අවසාන වසරේ විභාගය කරන්න විෂය දැණුම නිර්දේශ කරන්න බෑ. එදාට කවුද මේකට වගකියන්නේ.
 
 කුලියාපිටිය රෝහලට විශාල රෝගී සංඛ්‍යාවක් ගලාගෙන එන්නෙ නෑ. කුරුණෑගල රෝහලට දිස්ත‍්‍රික්ක පහක රෝගීන් එනවා. මිලියන 1.02 ක සේවා සපයනවා.
 
 දැනට කුරුණෑගල අධිවේගී මාර්ග වැඩ අවසන් වෙමින් පවතිනවා. අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඉදිරියේ ජාතික රෝහලක් බවට පත්වෙනවා.
 
 කුරුණෑගල ඉදිකිරීමට යෝජනා වී තිබුණ වෛද්‍ය පීඨය තමයි ඉතිහාසයේ පළමුවරට දේශපාලනිකව කුලියාපිටියට රැුගෙන යෑමට දරණ උත්සාහය. අදටත් කුරුණෑගල වෛද්‍ය පීඨය ඉදිකරන්න වෙන්කළ ඉඩම නිදහස්ව තිබෙනවා.
 
 යහපාලන ආණ්ඩුව ගත්ත වැරැුදි තීරණ ඉදිරියට අරන් යන්න එපා. රටේ ජනතාව බලාගෙන ඉන්නේ හරිදේ කරන්න. වෛද්‍ය පීඨයක් සහ මහාචාර්ය ඒකකයක් හදන එක තාක්ෂණික තීරණයක්. මේක දේශපාලකයින්ටවත් රටේ ජනතාවටවත් ගන්න පුළුවන් තීරණයක් නෙමෙයි. මේ තීරණය ගන්න කොටස් තුනක් තිබෙනවා. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව, විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය.
 
 දේශපාලකයන් කියනවා ජී.එම්. ඕ. එකට අයිතියක් නෑ කතා කරන්න කියලා. අපිට පූර්ණ අයිතියක් තිබෙනවා. මේ රටේ වෛiවරුන්ගෙන් 99% ක් ඉන්නේ රජයේ වෛi සභාව සමග. මහාචාර්ය ඒකකය වඩාත් සුදුසු කුලියාපිටියට නොව කුරුණෑගලට බවත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ වයඹ පළාත් සමිබන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා මෙහිදී අවධාරණය කළේය.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment