වැස්ස තව දින 4ක්: සුළඟත් වැඩිවෙයි

46

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් පවතින වැසි තත්ත්වය තවත් දින 4ක් පවතින බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ කසුන් පැස්කුවෙල් මහතා ‘දිවයින’ට ඊයේ (04 වැනිදා) පැවසීය.

ඒ අනුව මෙම වැසි තත්ත්වය බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලත්, ගාල්ල සහ මාතර, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් පවතින බවද හෙතෙම කීය.

එසේම මෙම දින කීපය තුළ ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 50 – 60ත් දක්වා ඉහළ යා හැකි බැවින් ඒ ගැන අවධානයෙන් සිටින ලෙස ද ඒ මහතා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහ, මැල්ලව ප්‍රදේශයෙන් වාර්තා වූ බවත් එම ප්‍රමාණය මිලිමීටර් 487ක් බවත් හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment