වැස්ස නැවතී මහවැලි ගඟේ වැලිතලාව මතුවේ

106

මහා වර්ෂාව නැවතීමත් සමග පොල්ගොල්ල ජලාශයේ වේල්ලේ දොරටු සියල්ල ම වසා දැමීමට ඉන්ජිනේරුවරුන් පියවර ගෙනතිබේ. ඉන් පසුව වේල්ලෙන් පහල මහවැලිගඟේ මහා වැලිතලාව දුෂ්‍යමාන වී තිබේ.

මේ වනවිට ළමුන්ගේ සහ තරුණ පිරිසගේ ක්‍රීඩා පිටියක් බවට පත්වී තිබෙන වැලිතලාව ඉදිරියේ දී බලාපොරොත්තු වියහැකි මහා වර්ෂාව ඉන් පහල තැන්නේකුඹුර ප්‍රදේශයේ වැලිතලාව ද සමග වික්ටෝරියා ජලාශය කරා රැගෙන යෑම නොවැළැක්විය හැකිවේ. මේ වනවිට ද පවතින්නේ වික්ටෝරියා ජලාශය මෙවන් වැලි කඳුවලින් පිරී යෑමයි.

මහවැලිගඟේ මහියංගණයේ වැලිවලට විශාල ඉල්ලුමක් පවතින බව රහසක් නොවේ. මහියංගණයට මහවැලිගඟ ගෙනයන්නේ පොල්ගොල්ල ජලාශයෙන් පහල වැල්ලම ම වේ. මහියංගණයේ වැල්ලට ලොකු ඉල්ලීමක් තිබේ. එසේනම් වික්ටෝරියා සහ රන්ටැඹේ ද පසුකර යෑමට ඉඩ නොතබා පොල්ගොල්ලේ වැලිතලාව ආදායමක් බවට පත්කර ගැනීමට හැකි නොවන්නේ මන්දැයි ඉදිකිරීම් කර්මාන්තයේ යෙදී සිටින්නෝ ප්‍රශ්න කරති.

මෙයට පිළිතුරු සැපයීමට හැකිවන්නේ රජයේ බලධාරීන්ට සහ ඉදිකිරීම් අංශයේ නිරතවූවන්ට ය.

පොල්ගොල්ල වේල්ලෙන් පහත වැලිතලාව පවතින තත්ත්වය පින්තූරවලින් දිස්වෙයි.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment