වැස්ස නිසා විල්පත්තුවට පුත්තලමින් ඇතුළුවීම නවතයි

128

පවතින වර්ෂාව හේතුවන් විල්පත්තු අභය භූමියට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ඇතුල්වීම නවතා දමා ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ විල්පත්තු අභය භූමියට ඇතුල්වීමට ඇති පුත්තලම එළුඅංකුලම සපත්තු පාලම හා හෙල්ලෙන පාලම සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති නිසා විල්පත්තු අභය භූමිය ඇතුල්වීමට නොහැකි වී තිබේ.

රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පුත්තලම එළුඅංකුලම ප්‍රදේශයේ කලාඔය පාලම සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත. එම නිසා එම ආපදාවට ලක්වූ ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

මේ හේතුවෙන් විල්පත්තු අභයභූමියට යන මාර්ගය වසා දමා ඇත. එමෙන්ම සංචාරකයන් එම ප්‍රදේශය හරහා විල්පත්තු අභයභූමියට නොයන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව පුත්තලම් දිස්ත්‍රික් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම එම ප්‍රදේශයේ දිය නෑමට යෑමෙන් වළකින ලෙස පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ


advertistmentadvertistment