මේ වනවිට පවතින වැසි මත මහවැලි සංවර්ධන අධිකාරිය යටතේ පවතින සියලු ජලාශවල ජල ධාරිතාවය සියයට 70 ආසන්නයේ පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ඇතැම් ජලාශ පිටාර යාමට ඉඩ ඇති බව ද වාර්තාවේ. එමෙන්ම මහා වාරිමාර්ග හා සුළු වාර්මාර්ග යටතේ පවතින ජලාශවල ජල ධාරිතාවය ද ඉහළ මට්ටමක පවතින නිසා ලබන මහ කන්නයේ කුඹුරුවලින් සියයට 100ක් ම සාර්ථකව වගා කිරීමට අවශ්‍ය තරම් හැකියාවක් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවල සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති.