වැස්ස හරස් වූ ගාල්ල – දඹුල්ල තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

76

එල්පීඑල් කි‍්‍රකට් තරගාවලිය යටතේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ භානුක රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර ඊයේ (10 වැනිදා* පැවැති තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තේය.

ලකුණු 160 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 1.2 ක් තුළ කඩුලූ නොදැවී ලකුණු 18 ක් ලබා සිටියදී වර්ෂාව පතිත වීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිණි.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක පන්දු 32 කදී ලකුණු 37 ක් ලබා ගත් අතර ඔහුට අනගි සහායක් ලබා දුන් රමේශ් මෙන්ඩිස් පන්දු 23 කදී නොදැවී ලකුණු 33 ක් ලබා ගත්තේය. ආරම්භක පතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 30 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී නුවන් තුෂාර සහ නුර් අහමඞ් කඩුලූ දෙක බැගින් දවා ගත්හ. සමිට් පටෙල්, ධනංජය ලක්‍ෂාන් සහ මොහමඞ් හෆීස් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

දඹුල්ල කණ්ඩායමේ කඩුලූ 5 ක් ලකුණු 79 කට බිඳ වැටී තිබියදී දසුන් ශානක සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 45 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වූහ.

ගාල්ල කණ්ඩායම තරගය නතර කරන විට කුසල් මෙන්ඩිස් පන්දු 5 කදී නොදැවී ලකුණු 15 ක් සහ ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 3 ක් ලබාගෙන තිබිණි.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment