වැසි කාලගුණය අදින් පසු අඩුවේ…. ඒ අතර නාය යෑමේ අනතුරු ඇඟවිමකුත්…

224

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අද (06 වැනිදා) අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත්, මෙම වැසි තත්ත්වය අදින් (07 දා) පසු ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවී යන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා ශිරෝමණී ජයවර්ධන මහත්මිය ‘දිවයින’ ට පැවැසුවාය. සාමාන්‍යයෙන් ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාසවල බෙංගාල බොක්කේ කැළඹිලි සහගත ස්වභාවය පවතින බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය. මේ අතර ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත‍්‍රික්කවලට අදාළව නාය යෑමේ අනතුරු ඇඟවීම් පිළිබඳ නිවේදනයක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිකුත්කර තිබේ. මෙම අනතුරු ඇඟවීම් අද 6 වැනිදා දහවල් 12.00 දක්වා ක‍්‍රියාත්මක බවද එම සංවිධානය කියා සිටී.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment