වැ.බ. පොලිස්පතිවරයකු පත් නොකිරීම ජනපතිවරණයට බාධාවක් – විමල් වීරවංශ

94

ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් විධායකයත් මැදිහත් වී වැඩ බලන පොලිස්පතිවරයකු පත්කිරීමේ ගැටලුව වහාම විසඳිය යුතු බවත්, එසේ නොවුණහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට බාධාවක් විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජනාධිපතිවරයා ඉතා කඩිමුඩියේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඇප මුදල් තැන්පත් කළේ ඔහු අපේක්ෂකයකු නිසා වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීම නුසුදුසු බව පෙන්වීමට බවද ඒ හේතුවෙන් මේ වනවිට පොලිස්පතිවරයකු පත් කිරීමේ ගැටලුව දුරදිග ගොස් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment