වෑන් රිය කොහොඹ ගසක ගැටී රියැදුරු මරුට – දෙදෙනෙක් රෝහලට

440

කරුවලගස්වැව පහරිය ප‍්‍රදේශයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 74 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර කුඩා දරුවෙකු හා තවත් අයෙකු බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

වෙන්නප්පුව ලූණුවිල ප‍්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියකු වන රොබට් ආතර් අමරතුංග නැමති අය මෙසේ මිය ගොස් ඇත.මියගිය

අය අනුරාධපුර රෝහලේ සේවය කරන වෛද්‍යවරියක වන තම දියණිය දැක බලා ගැනීමට ගොස් ආපසු වෙන්නප්පුව බලා ගමන් කරමින් සිටියදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල කොහොඹ ගසක ගැටී අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටි 74 හැවිරිදි දෙදරු පියා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව ඇති බව පොලිසිය පැවසීය. කරුවලගස්වැව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් අනතුර සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරයි.

අමරනන්ද විජේසේකර – මහවැව


advertistmentadvertistment