විකට රජුගේ නික්ම යෑම – එදා අපි කරපු විකට රංගනයන් තුළ සිතන්න යමක් වගේම ආදර්ශයකුත් තිබුණා

301

* ප‍්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලක දිවයිනට එදා කියූ කතාවක්

 බර්ටි ගුණතිලක නම් වූ මෙම රංගන ශිල්පියා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබ පසුව නුවර අම්පිටිය විiාලයෙන් ද, අධ්‍යාපනය හදාරා තිබේ. පසුව කුලියාපිටි ගල්පොල විiාලයේ උප ගුරුවරයකු වශයෙන් ද කටයුතු කර ඇති ඔහු මෙරට පළ වූ ‘සිංහල බෞද්ධයා’ පුවත්පතේ සෝදුපත් කියවන්නකු වශයෙන් ද කාලයක් කටයුතු කර තිබේ. 1953 වර්ෂයේ ජනතා පත‍්‍රය ආරම්භ වූ කාලයේ බෙදාහැරීම් අංශයේ ද සේවය කර තිබේ. 1953 වර්ෂයේ සිට 1959 වර්ෂය දක්වා ලේක්හවුස් ආයතනයේ පැවති වෘත්තීය සමිති නායකයකු වශයෙන් කටයුතු කිරීමේදී ඇති වූ වෘත්තීය සමිති අරගලවලට මැදිවීමෙන් ඔහුට රැකියාව අහිමි විය.

විකට රජුගේ නික්ම යෑම - එදා අපි කරපු විකට රංගනයන් තුළ සිතන්න යමක් වගේම ආදර්ශයකුත් තිබුණා
අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ බර්ටි ගුණතිලකයන්

කෘතහස්ත ප‍්‍රහසන රංගධර  බර්ටි ගුණතිලකයන් ඊයේ උදේ තම දිවි සැරියට සමු දුන්නේය. ‘දිවයින’ සමඟ එදා කළ මෙම පිළිසඳර අප මෙලෙස පළකරනුයේ එතුමන්ට ගෞරවයක් වශයෙනි.

විකට රජුගේ නික්ම යෑම - එදා අපි කරපු විකට රංගනයන් තුළ සිතන්න යමක් වගේම ආදර්ශයකුත් තිබුණා

විරල සේයාරුවකි : ප‍්‍රවීණ රංගධර ජෝ අබේවික‍්‍රම, මහාචාර්ය සුනිල් ආරියරත්න, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, සුනිල් සරත් පෙරේරා, බර්ටි, ඇනස්ලි, ඇල්ෆඞ් පෙරේරා සමඟ ඇනස්ලි උපහාර උත්සවයේදී

 පිංතූරය – සචිත‍්‍ර ඇල්වලගේ

 දශක කීපයක්ම මුළු රටක් සිනහ ගැන්වූ බාල තරුණ මහලූ කාගෙත් ආදරය ගෞරවය දිනාගත් මෙරට විකට රංගන ක්‍ෂේත‍්‍රයේ රජෙකු අද පාලූව තනිකම තුරුළු කරන් රුවන්පුරයේ මිණිකැට සැඟවුණු බිමක පයගසා ජීවත්වන අයුරු අපට දැක ගන්නට ලැබිණි. බර්ටි කියූ පමණින් ඒ බර්ටි ගුණතිලක ද කියා අසන තරමට අද අප සමාජයේ කා අතරත් ප‍්‍රකට විකට නළුවකු වශයෙන් මෙම අසහාය රංගන ශිල්පියා ප‍්‍රසිද්ධියට පාත‍්‍රව තිබේ. මෙම අපූර්ව ශිල්පියා පේ‍්‍රක්‍ෂක ජනතාව අතර පරම්පරා ගණනාවක් මතකයෙන් නොමැකෙන නිර්මාණ ඉදිරිපත් කිරීමට තරම් සමත්කම් පෑවේය. පේ‍්‍රක්‍ෂකයන් අමන්දානන්දයට පත් කර සතුටු ගඟුලේ ගිල්වීමට තරම් සමත්කම් පෑ මෙම දක්‍ෂ රංගන ශිල්පියා මට මහලූ වයසේ බැරිය පෙර සේ කියන්නාක් මෙන් සිය නිවසේ අද නිහඬව කාලය ගත කරයි.

විකට රජුගේ නික්ම යෑම - එදා අපි කරපු විකට රංගනයන් තුළ සිතන්න යමක් වගේම ආදර්ශයකුත් තිබුණා


විවිධ හැලහැප්පීම් සහ ඝට්ටන මධ්‍යයේ පැමිණි ඔහුගේ ජීවිත කතාව තුළ රසබර විනෝදකාමී සිදුවීම් මෙන්ම දුක් මුසු කටනාගටුදායක සිදුවීම් ද නැතුවාම නොවේ. වේදිකා නාට්‍ය තුළින් ආරම්භ වූ ඔහුගේ රංගන කලාව ගුවන් විදුලියව, රූපවාහිනිය සහ සිනමාව ද ආක‍්‍රමණය කිරීමට තරම් සමත්කම් පෑවේය. දැනට මෙරට චිත‍්‍රපට හැටක (60* පමණ සිය රංගන කෞෂල්‍ය විදහා පෑමට මෙම අසහාය නළුවාට හැකියාව උදා වී තිබේ. ඔහුගේ මෙම අපූර්ව රංගන හැකියාව හේතුවෙන්ම ශ‍්‍රී ලංකා ජනරජයේ සංස්කෘතික අමාත්‍යාංශය මගින් පිරිනමන රාජ්‍ය සම්මාන ඇතුළු මාධ්‍ය කලා කීර්ති, නාට්‍ය සූරී, දේශබන්දු හා කලා විභූෂණ ආදී ජාතික සම්මාන රැුසකින්ම පිදුම් ලබා තිබේ. නුවර අම්පිටිය ප‍්‍රදේශයේ උපත ලද බර්ටි ගුණතිලක නම් වූ මෙම රංගන ශිල්පියා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබ පසුව නුවර අම්පිටිය විiාලයෙන් ද, අධ්‍යාපනය හදාරා තිබේ. පසුව කුලියාපිටි ගල්පොල විiාලයේ උප ගුරුවරයකු වශයෙන් ද කටයුතු කර ඇති ඔහු මෙරට පළ වූ ‘සිංහල බෞද්ධයා’ පුවත්පතේ සෝදුපත් කියවන්නකු වශයෙන් ද කාලයක් කටයුතු කර තිබේ. 1953 වර්ෂයේ ජනතා පත‍්‍රය ආරම්භ වූ කාලයේ බෙදාහැරීම් අංශයේ ද සේවය කර තිබේ. 1953 වර්ෂයේ සිට 1959 වර්ෂය දක්වා ලේක්හවුස් ආයතනයේ පැවති වෘත්තීය සමිති නායකයකු වශයෙන් කටයුතු කිරීමේදී ඇති වූ වෘත්තීය සමිති අරගලවලට මැදිවීමෙන් ඔහුට රැකියාව අහිමි විය. පුතුන් දෙදෙනකුගේ සහ දියණියන් දෙදෙනකුගේ පියකු වන බර්ටි ගුණතිලක මහතා අද දරු මුණුපුරන් රැුසක් දැක බලා ගැනීමට තරම් වාසනාව ලබා තිබේ.

විකට රජුගේ නික්ම යෑම - එදා අපි කරපු විකට රංගනයන් තුළ සිතන්න යමක් වගේම ආදර්ශයකුත් තිබුණා


1960 දශකයේ සිට 1990 දශකය දක්වා වූ තිස් වසරකට අධික කාලයක් ගැමුණු විජේසූරිය, බර්ටි ගුණතිලක සහ අනෙස්ලි ඩයස් යන තුන්කට්ටුව මෙරට ගුවන් විදුලි රූපවාහිනි සහ චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයන් තුළ විශාල ප‍්‍රසිද්ධියකට පාත‍්‍රව තිබිණි. ඒ අතර විශේෂ චරිතයක් වූ බර්ටි ගුණතිලක මහතාගේ එම අපූර්ව රංගන කෞශල්‍ය තුළින් මෙරට වේදිකාව දෙවනත් කිරීමටත්, ගුවන් විදුලිය රසවත් කිරීමටත් රූපවාහිනි වර්ණවත් කිරීමටත්, සිනමාව අර්ථවත් කිරීමටත් තරම් සමත්කම් පෑවේය. එම අපූරු මිනිසා හමුවීමටත්, ඔහු සමඟ දොඩමළු වීමටත් අපට වාසනාව ලැබිණි. එහිදී එම කාරුණික නිරහංකාර වූ අසහාය ශිල්පියා සමඟ අප මෙසේ දොඩමළු වූහ.

 කුඩා කාලයේ සිටම රංගන ක්‍ෂේත‍්‍රයට යොමු වූ ඔබ නළුවෙක් වශයෙන් විකට රංගනයම තෝරා ගැනීමට හේතු වුණේ කුමක්ද?

 විකට රංගනය කියන දේ උඩින් පෙනෙන තරම් සැහැල්ලූ නෑ. ඉතා පුළුල් පරාසයක් තුළ විහිදුණු ගැඹුරින් අධ්‍යයනය කර හරියට ආගමක් වගේ තේරුම් ගත යුතු දර්ශනයක්. ඒ තුළ ගැබ්වෙලා තිබෙන අන්තර්ගතය හරියට තේරුම් නොගතහොත් අදාළ චරිතය නිවැරදිව නිරූපණය කිරීමට හැකි වෙන්නේ නෑ. ඒ නිසා විකට රංගනය අනෙකුත් චරිතයක් නිරූපණය කරනවාට වඩා අසීරු කාර්යක් වෙනවා. ඒ සඳහා උචිත හොඳ හැකියාවක් ද උරුම විය යුතුයි. පේ‍්‍රක්‍ෂකයන්ට බලා සිටින්න රඟපානවාට වඩා ඔවුන් සතුටුකර හිනස්සවන කාර්ය එතරම් පහසු නෑ. එය සෑම වයස් පරතරයක්, බුද්ධි මට්ටමක් නියෝජනය වන අයුරින් සිදුවිය යුතුයි. එවන් ක්‍ෂේත‍්‍රයක් තුළ කාලයක් එක දිගට රැුඳී සිටීමද ඊටත් වඩා අසීරු කාර්යක් වෙනවා. කෙතරම් අපහසු වුවත් මේ සඳහා ලොකු ආශාවක්, කැමැත්තක් මෙන්ම හැකියාවක් ද කුඩා කාලයේ සිට මා තුළ පැවතුනා. මගේ ජීවිතයේ කුඩා කාලයේ පැවති දඟකාරකමත් සමඟ විකට රංගනය අල්ලලා ගියා. ඒ උපතින්ම උරුම වූ හැකියාවත් සමඟම මට මේ කලා ක්‍ෂේත‍්‍රය තුළ වසර හැත්තෑ පහක් තරම් ඉතා දීර්ඝ කාලයක් රැුඳී සිටීමට හැකියාව ලැබුණා. කුඩා අවදියේ සිටම මම ආශා කරපු කැමැති වූ දෙය තේරුම් ගෙන හඳුනාගන්න හැකිවීම හේතුවෙන් මේ කාලය තුළ රසික රසිකාවියන්ට පරම්පරා ගණනක් රසවිඳිය හැකි නිර්මාණ සඳහා දායක වෙන්න මට වාසනාව ලැබුණා.

 දශක හතහමාරකට ආසන්න කාලයක් කලා ක්‍ෂේත‍්‍රය තුළ විකට නළුවකු වශයෙන් කටයුතු කළ ඔබ මෙම ගමන් මගේ ආරම්භක අවදිය සහ එහි ගමන් මඟ පිළිබඳ සිහිපත් කළොත්?

 කුඩා කාලයේ පාසලෙන් ලැබුණු ආභාශයත් සමඟ වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. මේ අතර ගුවන් විදුලිය සඳහා පළමු වතාවට එක්වුණේ 1948 වර්ෂයේ විනෝද සමය වැඩසටහන සඳහායි. ඒ වැඩසටහන ඉදිරිපත් කළේ ඒ කාලේ හිටපු ඉතා ප‍්‍රසිද්ධ නිවේදකයෙක් වූ එච්.ඩි. විජයදාස මහතා විසිනුයි. ඒ කාලේ ඉඳල ගුවන් විදුලියේ අයත් සමඟ සම්බන්ධ වෙලා කටයුතු කළා. එච්.ඩි. විජයදාස මහතා විසින්ම 1954 වර්ෂයේ මුලින්ම ආරම්භ කළ විහිළු තහළු වැඩසටහන සඳහා මම ඉතා කැමැත්තෙන් සහභාගි වුණේ. පසුව 1983 වර්ෂයේ රූපවාහිනිය ආරම්භ වීමත් සමඟ එහි මුල්ම ආරම්භක නළුවන් වශයෙන් එක්වීමට අවස්ථාව උදා වුණා. එහි සහභාගි වූ මුල්ම වැඩසටහන වූයේ නන්දන වින්දන වැඩසටහනයි. අදටත් එම වැඩසටහන් පිළිබඳ අපේ ජනතාවට මතකය අමතක වී නෑ. 1951 වර්ෂයේ තිරගත වූ එස්. එම්. නායගම් මහතා නිෂ්පාදනය කළ බණ්ඩා නගරයට පැමිණෙයි චිත‍්‍රපටයේ රංගනයට දායක වුණා. ඉන් අනතුරුව තිරගත වූ සිකුරුලියා, ජීවන ගංගා, සමාජ හතුරෝ, චූඩා මාණික්‍ය ඇතුළු තවත් චිත‍්‍රපටවලින් පසු විශාල පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර හිමිවුණා. 1998 වර්ෂය වන තෙක්ම චිත‍්‍රපටවල රඟපෑමේ යෙදුණා. මේ වන විට චිත‍්‍රපට හැටක පමණ චරිත නිරූපණය කර තිබෙනවා.

 ගත වූ මෙම දීර්ඝ කාලය තුළ මතකයේ රැඳෙන සිදුවීම් නම් එමට ඇති. ඒ අතරින් වඩාත් ප‍්‍රිය කරන සිදුවීමක් සිහිපත් කළහොත්.

 වඩාත් මතකයේ රැුඳුනු සිදුවීම් පිළිබඳ කියනවා නම් මට මීට වසර හැත්තෑපහකට (75) තරම් ඈත අතීතයකට මතකය රැුගෙන යෑමට සිදුවෙනවා. ඒ කියන්නේ 1934 වසරේ අගෝස්තු මස දෙවන දිනයයි. එම සිදුවීම සිදුවුණේ නුවර අම්පිටිය විiාලයේදීය. එදින පාසලේ ලොකු උත්සවයක් පැවැති දිනයක් වුණා. එම උත්සවයේ එක් වැඩසටහනක් වශයෙන් වේදිකා නාට්‍යයක් ද පැවැත්වීමට සංවිධානය කර තිබුණා. ඒ කාලෙ මම අධ්‍යාපනය ලැබුවේ පහ වසරේ. මට ටිකක් දඟකාර මුරණ්ඩු ගතියටක් තිබුණ නිසා එම නාට්‍ය පුහුණු කළ ගුරුතුමා මට තදින් අවවාද කළේ ‘‘ඔබ ගොනා වාගේ ඉන්න ඕනි’’ කියලයි. එයින් ගුරුතුමා අදහස් කළේ දඟලන්නේ නැතිව පාඩුවේ ඉන්න කියලයි. මමත් හා කියල එය පිළිගත්තා. උත්සවය ආරම්භ වී එහි වැඩසටහන් කිහිපයක් නිම වීමෙන් අනතුරුව අපේ නාට්‍ය සඳහා වේදිකාවේ තිරය විවෘත වුණා. අනෙක් නළු නිළියන් වේදිකාවේ රංගනයෙ යෙදෙන්නට පටන් ගත්තා. ඒ අතරින් පැනපු මම හරියට කුලප්පු ගොනෙකු වගේ එහෙ මෙහෙ හිටපු හැමෝටම ඔළුවෙන් අනින්න පටන් ගත්තා. නළු නිළියන්, නරඹන්නන් හා ආරාධිත අමුත්තන්ට ද පැන පැන ඇන්නා. ඒ අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුටත්් පිඹගෙන ගොස් ඇන්නා. මෙම සිද්ධියෙන් මුළු සභාවම දෙවනත් වුණා. ගොනෙක් විදිහට ඉන්න කියපු මා හරියට ඒ ආකාරයටම හැසිරුණා. කාටත් කට උත්තර නැතිවුණා. සියල්ලෝම එහි සිදු වූ දර්ශන දැක බඩ අල්ලාගෙන හිනාවෙන්න පටන් ගත්තා.

 ප‍්‍රවීණතම විකට නළුවකු වශයෙන් මීට අඩසිය වසකට පෙර මෙරට පැවති විකට රංගන කලාව සහ වර්තමානයේ පවතින මෙම රංගන කලාව පිළිබඳව පැහැදිලි කළොත්?

 එදා අපේ කාලෙ පැවතුණු ඇතැම් විකට රංගන වැඩසටහන් අදටත් රසිකයන් අතර මතකයේ තිබෙනවා. උපහාසයෙන් හාස්‍ය රසය මැවූ එම නිර්මාණ පරම්පරා ගණනාවක් මතකයේ රැුඳෙනවා. එම නිර්මාණ තුළ රසිකයන්ට නැවත නැවතත් මතක් කර කර විනෝද වෙන්න පුළුවන්කමක් තිබුණා. සිතන්න යමක් වගේම ආදර්ශයට දෙයකුත් තිබුණා. අද තිබෙන්නෙ අහල එවෙලෙම කිතිකවාගෙන සිනාවෙන්න ඕන විකට රංගනයි. ඇතැම් පුවත්පත්වල පවතින කාටුන් කීපය නැත්නම් අද උපහාසයෙන් හා හාස්‍ය රසය අත්වි`දීමේ වරම් සම්පූර්ණයෙන්ම ජනතාවට අහිමි වෙනවා. පඳුරක් ගානේ විකට නළුවන් සිටියත්, ඒ සඳහා සූරයන් තෝරන්න තරග පැවතුනත් මෙම රංගන කලාව තුළින් රසිකයන්ට අවශ්‍ය දේ දීමට තරම් තබා යමෙකු නිවැරදිව අනුකරණය කිරීමවත් තරම් සමත් සමතුන් බිහිකිරීමට හැකිවී නෑ.

 එදා සහ අද විකට රංගනයෙ යෙදෙන ශිල්පීන් වෙනුවෙන් කරන ඇගැයීම පිළිබඳ සතුටු වෙනවද?

 මුල්ම කාලෙ ඒ කියෙන්නේ 1940 වර්ෂයේ ගුවන් විදුලියේ විකට රංගන වැඩසටහන් වෙනුවෙන් අපට ලැබුණෙ වඬේ එකයි ප්ලේන්ටියයි පමණයි. පසුව ඊට දශකයකට පසු එනම් 1950 වර්ෂයේදී එච්.ඩි. විජේදාස මහතාගේ එක් වැඩසටහනක් වෙනුවෙන් රුපියල් පහක (5* මුදලක් ලැබුණා. පසුව කාලයක් ගතවෙද්දී වැඩසටහනක් වෙනුවෙන් රුපියල් දහය, විස්ස, පනහ, සියය, දෙසීය, පන්සීය හා දාහ වශයෙන් වැඩි වුණා. අද අපි ගැන සොයා බලන්න නම් කවුරුත් නෑ. චිත‍්‍රපට සංස්ථාවෙන් මාසිකව රුපියල් දෙදහසක දීමනාවක් ගෙවනවා. ඒක මාසෙ බෙහෙත් ටික ගන්නවත් ප‍්‍රමාණවත් නෑ. ඒ ඇරෙන්න අපි ගැන විශේෂයෙන් සොයා බැලීමක් ඇගැයීමක් නෑ. දරුවන් දෙන දෙයක් කාලා ජීවත් වෙනවා.

 ඔබතුමාගෙන් පසුව මෙම රංගන කලාව ඉදිරියට ගෙන යෑමට මෙම ක්‍ෂේත‍්‍රයට දූ දරුවන් කවුරුත් යොමු නොවුණේ ඇයි?

 විකට රංගන කලාව කියන එක වෙනත් රංගනයන් හෝ ගීත ගැයීම වගේ පිය උරුමයෙන් හෝ කැමැත්ත තිබූ පමණින් හෝ ඉදිරිපත්වීම මගින් කරන්න හැකි දෙයක් නොවෙයි. ලෝකයේ විකට රංගනයෙ යෙදුණු ජනප‍්‍රිය ශිල්පීන්ගෙන් ඒ තරම්ම බැරි වුණත් යන්තම් හරි පියාගෙන් පසු එම ක්‍ෂේත‍්‍රයට එක්වුණේ අපේ රටේ ප්‍රෙඞී සිල්වා මහතාගේ පුතු පමණයි. ඒ සඳහා සහජයෙන් ලද විශේෂ හැකියාවක් මෙන්ම මනා කැපවීමක් ද තිබිය යුතුයි. අහගෙන ඉඳල බලාගෙන ඉඳල හෝ ඉගෙන ගැනීමෙන් මෙම රංගන කලාව කරන්න අපහසුයි. ඒ නිසා තමයි මෙම කලාවට ඇවෑමෙන් පසු උරුමක්කාරයන් අහිමි වුණේ.

 අද මේ රටේ ජීවත්ව සිටින ප‍්‍රවීණතම රංගන ශිල්පීන් අතළොස්ස අතරින් එක් අයෙක් වශයෙන් මීට අඩසිය වසකට පෙර මෙම ක්‍ෂේත‍්‍රයේ සිටි සිය සමකාලීනයන් සහ ඒ කාලයේ මෙම ගමන පැමිණීම සඳහා අත දුන් පිරිස සිහිපත් කළොත්.

 වසර 75 ක් පමණ වන මගේ ජීවිතය තුළ මෙම ක්‍ෂේත‍්‍රයේ හමු වූ පිරිස ඉතා විශාලයි. ඒ අතර මුල්ම කාලයේ හමු වූ මෙම ගමනට අත දුන් පිරිස අතර එච්.ඩි. විජයදාස මහතා නිතරම සිහි වෙනවා. ඒ අතර ධර්ම ශ‍්‍රී මුණසිංහ, ගැමුණු විජේසූරිය, සැමුවෙල් රුද්‍රිගු, ඇනෙස්ලි ඩයස් වගේ ප‍්‍රවීණ ශිල්පීන් වෙනවා. අද මේ අතරින් මා සමඟ ජීවත්ව සිටින්නේ කීපදෙනෙක් පමණයි. අද මේ මගේ ජීවිතේ ගෙවන්නෙත් 85 වැනි වසරයි. (මෙම සංවාදය එදා කරනවිට ඔහුගේ වයස) මෙම ක්‍ෂේත‍්‍රයේදී මට උපකාර උදව් කළ අය පමණක් නොවෙයි මේ ගමනේදී මට හමු වූ සෑම අයෙක්ම පවා මම ඉතා කෘතවේදීව සිහිපත් කරනවා.

 බලධාරීන් අතීතයෙන් වර්තමානයේ අපිටත් අනාගතයට උරුමකම් කියන මතු පරපුරටත් විශාල ආදර්ශයක් ගෙනදුන් මෙම සම්මානනීය කලාකරුවන් රැුක ගැනීමටත්, ඔවුන්ගේ එම රංගන කලාව අනාගත පරපුරට ආරක්‍ෂා කර දීමත් සඳහා ප‍්‍රායෝගික වැඩපිළිවෙළක අවශ්‍යතාව මතුව ඇති බැව් අපි අද සටහන නිමා කරමින් අවධාරණය කරමු.

 එතුමන්ට නිවන් සුව ප‍්‍රාර්ථනා කරමු.

 සටහන සහ ඡුායාරූප –

 * වැලිගෙපොල අජිත් වීරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment