විකෘති ආණ්ඩුව රටම විකෘති කළා – විපක්ෂ නායක

43

වර්තමානයේ රට තුළ ඇත්තේ විකෘතියත් ප්‍රකෘතියත් අතරත්, අශිෂ්ටත්වයත් ශිෂ්ටත්වයත් අතරත් මිලේච්ඡත්වයත් ජන සම්මතවාදයත් අතරත් ගැටුමක් බවත් එවැනි විකෘතියක් සිදුව ඇත්තේ විකෘති ආණ්ඩුව නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රාජපක්ෂලාගේ අශිෂ්ට පාලනයට එරෙහිව නැගී සිටි ජනතාව විසින් ඔවුන් ප්‍රතික්ෂේප කර එලවා දැමූ පසු මේ වන විට රාජපක්ෂ රූකඩයක් බලයේ සිටින බවත් එම රූකඩ රජය පොදු ජනතාවට මෙන්ම මැතිවරණ සඳහාද බිය වී ඇති බවත් එම බය නිසාම විවිධ නීති රීති තහංචි ගෙනවිත් ජනතාව පීඩාවට පත් කළත් විපක්ෂයක් ලෙස සහ සමගි ජන බලවේගය ලෙස ඕනෑම අවස්ථාවක මැතිවරණයක් සඳහා සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විකෘති ආණ්ඩුව රටම විකෘති කළා - විපක්ෂ නායක

සමගි ජන බලවේගයේ කුරුණෑගල කටුගම්පල ආසන බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය. එය සංවිධානය කොට තිබුණේ කටුගම්පල ප්‍රධාන සංවිධායක අසංක පෙරේරා මහතා විසිනි.

ජනමතය නියෝජනය නොකරන වත්මන් ආණ්ඩුවේ 134 දෙනකු රාජපක්ෂ පවුලේ හොරකම් රකින රූකඩ බවට පත්ව ඇති බවත් ඔවුන් විවිධ මර්දන පනත් උපයෝගී කරගෙන ජනතාව මර්දනය කරන බවත් ඔවුන් මෙවැනි රඟපෑමක් සිදු කරන්නේ රෝහල්වල බෙහෙත් නොමැති අවස්ථාවක බවත් කීය. පාසල් සිසුන්ට පෝෂ්‍යදායී අඩංගු ආහාර නොමැතිව ක්ලාන්තව වැටෙන අවස්ථාවක ඔවුන්ට සහන ලබා දෙනවා වෙනුවට ඒ මුදල් කඳුලු‍ ගෑස් සහ අනෙකුත් මර්දන උපාංග සඳහා වැය කරමින් ජනතාව මර්දනය කරමින් සිටින බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒමහතා පැවසීය.

කඳුල උරුම වී ඇති ජනතාවට තව තවත් කඳුලු‍ ගෑස් ගසමින් මේ ආණ්ඩුව නටන මේ විගඩම නවත්වා ජනතාවගේ හඬට ඇහුම්කම්දී ජනතාවට සහන සැලසීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment