විකෘති කොවිඩ් ප‍්‍රභේද තව එන්න පුළුවන්

137

කොවිඩ් වෛරසයේ විකෘති ප‍්‍රභේදයන් ඕනෑම මොහොතක හිස එසවිය හැකි නිසා ප‍්‍රජා වෛද්‍යවරුන්ගේ සහ වෛරස් පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් සහ විශ්ලේෂණයන් අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට රජය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවින් ද සොයිසා මයතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහයට ප‍්‍රකාශ කළේය.

දෛනිකව මෙරටින් කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වීමත් කොවිඩ් ආශ‍්‍රිත මරණ සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස උස් පහත් වෙමින් පවතින බවත් ඔමික්‍රෝන් හෝ ඩෙල්ටා කොවිඩ් විකෘති ප‍්‍රභේදයන් සමග කොවිඩ් වෛරසය අවසන් වේ යැයි සිතීම පවා භයංකාර බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙරට සෞඛ්‍ය අංශ සහ සාමාන්‍ය ජනතාව පවා කොවිඩ් අවසන් වේ යැයි විශ්වාසයෙන් පසු වුවත් නවතම කොවිඩ් විකෘති වෛරසයක් මතු වුවහොත් කුමක් කරන්නේදැයි නොදැන සිටීමත් ඒ සඳහා සූදානම් විය යුතු අංශ පෙර සූදානමක නොසිටීමත් නිසා රට අවදානමක පවතින බව ද වෛද්‍යවරයා කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment