විජයදාස පක්ෂ මූලස්ථානයට යන්නේ නීත්‍යනුකූල අවසරයෙන්

86

වැ.බ. මහ ලේකම් කීර්ති උඩවත්ත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පත් වූයෙන් එම තනතුරේ කටයුතු කිරීම සඳහා ඉබ්බන්වල පක්ෂ මූලස්ථානයට පැමිණෙන්නේ නීත්‍යනුකූල අවසරයකින් යැයි එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් ලෙස පත්වූ නීතිඥ කීර්ති උඩවත්ත මහතා පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වයෙන් ඉවත් වී, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා වෙත පෙරේදා (12දා) කෝට්ටේ පැවැති විධායක සභාවේදී එම සභාපති ධුරය භාර දුන්නේය.

එහිදී වැඩබලන මහ ලේකම් ධුරය සඳහා නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත්කර ගත් අතර අනෙකුත් තනතුරු සඳහා පිරිස් පසුවට පත්කර ගන්නා බවට දැනුම් දෙන ලදී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment