දිවංගත මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන්ගේ 37 වන ගුණ සමරුව නිමිත්තෙන් එළැඹෙන 2025 පෙබරවාරි මස 16 වැනි දින සිට පැවැත්වෙන විජය කුමාරතුංග අනුස්මරණ සමරු සතියේ දී “විජය ගී තරුව” දොළොස් වන අදියර තරගය සහ සම්මාන උලෙළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. විජය කුමාරතුංගයන්ගේ ජන්ම දින සමරුව යෙදෙන ලබන 2024 ඔක්තෝබර් 09 වැනි දින මෙම තරගයේ පළමුවන වටය ආරම්භ කෙරේ. ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තරගය වට තුනකින් සමන්විත වේ. අවසාන මහා තරගය සහ සම්මාන උලෙළ පෙබරවාරි මස පැවැත්වෙන විජය සමරු සතිය තුළ දිනක කොළඹ ප්‍රධාන පෙළේ රඟහලක දී පැවැත්වේ.
විජය කුමාරතුංගයන් ගැයූ ගී ජනගත කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගයට වයස් සීමාවකින් තොරව ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශ්වයට ම ඉදිරිපත් විය හැක. මේ සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අයැදුම්කරුවන් ඔබ අතින් ලියන ලද අයැදුම්පත්‍රයක් “ප්‍රධාන ලේකම්, විජය රංජන් මහතා, “විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික පදනම” නො. 76, විජය කුමාරතුංග මාවත, ගෝල්ඩන් ඇරෝස් ක්‍රීඩාපිටිය පාර, ගොංගිතොට, වත්තල ලිපිනයට 2024 සැප්තැම්බර් 05 වැනි දිනට පෙර මුද්දර ගැසූ ලියුම්කවරයක් සමග යොමු කළ යුතුවේ.
තරගයේ වැඩි විස්තර සඳහා 0723440220 අනුර ශ්‍රීනාත් (සභාපති) 0767990444 විජය රංජන් (ලේකම්) ඇමැතිය හැකිය.