බැඳුම්කර වංචාවේ එක් නඩු විභාගයක් විත්තිකරුවන් දෙදෙනෙක් රහිතව පවත්වා ගෙනයෑමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද අවසර දුණි.
2016 වසරේ මාර්තු 29 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36ක බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අජාන් ගාර්දිය පුංචිහේවා යන අය නොමැතිව නඩු විභාගය පවත්වා ගෙනයාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙසේ අවසර ලබාදී ඇත.