විද්යුත් වාහන බැටරි පරිසරයට ලෙඩක් වෙලා

297

විද්‍යුත් රථ වාහන සඳහා යොදා ගන්නා එච්. වී. බැටරි නිසි ලෙස බැහැර නොකිරීමෙන් මහජන සෞඛ්‍යයට පරිසරයට හා භූගත ජලයට මහත් අනතුරුදායක විය හැකි බව ගෝලීය විද්‍යුත් රථ වාහන නිෂ්පාදකයන්ගේ  සංගමය රජයට පෙන්වා දී ඇත.

ගුණාත්මක බවින් අඩු බැටරි ආනයනය වැළැක්වීමට වහාම එච්. වී. බැටරි ආනයනයේ අවම ප‍්‍රමිතියක් ඇති කරන ලෙස ද එම සංගමය ඉල්ලා තිබේ.

තම සංගමයේ නිර්දේශවලට එරෙහිව යමින් හා වැඩිදුර නොසිතා අඩු බද්දක් යටතේ 2015 සිට විද්‍යුත් රථ වාහන හඳුන්වා දුන් අතර එහි අනිසි ප‍්‍රතිඵලයන් ලෙස, භාවිතා කළ විද්‍යුත් වාහන මෙරටට පැමිණීමෙන් වාහන හිමියන් 5000 ක් පමණ අපහසුතාවට පත්වූ බව ද පෙන්වා දෙයි.

එච්. වී. බැටරි අධි සංවේදී බැවින් එම බැටරි හැසිරවීම සඳහා ආරක්ෂක උපකරණ, අලූත්වැඩියාව, පුහුණුව ආරක්ෂක ප‍්‍රමිතීන්ට අනුකූලව සිදුවිය යුතු බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment