විද්‍යුත් වාහන 7 රේගුවේ රඳවා ගැනීම වළක්වමින් නියෝගයක්

514

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නීත්‍යනුකූලව මෙරට විදේශ විනිම සංචිතය ඉහළ දැමීමට විදේශ විනිමය එවූ ශ්‍රී ලංකිකයන්ට විද්‍යුත් වාහන ආනයනයට අවසර ලබා දෙමින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව ආනයනය කරන ලද විදුලි වාහන හතක් රේගු භාරයේ රඳවා ගැනීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය 01 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය. 08 – පිටුවට

තම සමාගම විසින් නීත්‍යනුකූලව ආනයනය කළ විදුලි වාහන හතක් රේගු භාරයේ රඳවා ගැනීමට එරෙහිව ඕවර්ලෑන්ඩ් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල මෙම නියෝගය නිකුත් කළහ.

ඊට අමතරව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දහම් පෙරේරා හෝ එම සමාගමේ කිසිදු නියෝජිතයකු අත්අඩංගුවට ගැනීම වළක්වමින් විනිසුරු මඬුල්ල තවත් අතුරු නියෝගයක් නිකුත් කළහ.

පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයන් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් රේගුව සමග ඉතා විශ්වාසවන්ත ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කර සිටියේය. 2022 වසරේ අගෝස්තු මස 31 වැනිදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ප්‍රකාරව පෙත්සම්කාර සමාගම විසින් ගෙන්වන ලද විදුලි වාහන හතක් සම්බන්ධ ලේඛන නීති විරෝධී යැයි පවසමින් ඒවා මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීමට රේගුව කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙම ක්‍රියාවලිය නීතියට පටහැනි යැයි තීන්දු කොට එම කටයුතු වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ ජේ ඒ අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment