විද්‍යෝදය සම්මානයෙන් පිදුම් ලැබූවෝ

216

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන  විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය අද (03 වැනිදා ) සවස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ සුමංගල සභා මණ්ඩපයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.එහිදී වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය ලෙස ධර්මරත්න හේරත් රචිත මුනි දළදා කෘතියත් වසරේ විශිෂ්ටතම ගේය කාව්‍ය  කෘතිය ලෙස කුලරත්න ආරියවංශගේ සීතල දිය දෝතක් කෘතියත් වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය ලෙස අරුණ ප්‍රදීප් කුමාර්ගේ ද ෆයිනල් ආන්සර් කෘතියත් වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය ලෙස රුවන් බන්දුජීව විසින් රචිත දූමලාවන්‍යගාරය කෘතියත් වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ලෙස ප්‍රභාත් ජයසිංහ විසින් රචිත මගහැරුණු දූපත් කෘතියත් වසරේ විශිෂ්ටතම නවකතා සංග්‍රහය ලෙස එරික් ඉලයප්පආරච්චි විසින් රචිත තිවංක කතාව කෘතියත් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන දිනා ගත්තේය . මෙවර සම්මාන උළෙල සඳහා පූර්ණ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දිවයින මාධ්‍ය ආයතනය මගිනි .

advertistmentadvertistment
advertistmentadvertistment