විදුලිබලාගාර සහ ජල පෝෂකවලට අධික වැසි සමග දැඩි සුළං

233

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අධික වැසි හා වරින් වර දැඩි සුළං තත්ත්වයක් පවතී.

සුළං තත්ත්වය නිසා විදුලිබලය නිරන්තර විසන්ධිවීම්වලට ලක්වීමෙන් තේ කර්මාන්ත ශාලාවල දෛනික කටයුතුවලට බාධා පැමිණ තිබේ. විදුලිය විසන්ධි වීමෙන් මහජනතාව ද අපහසුතාවයට පත්ව සිටිති. විදුලිබලාගාර ජල පෝෂක ප්‍රදේශවලට මෙසේ අධික වැසි ලැබීමත් සමග ජාතික ජල විදුලිබල පද්ධිතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම ඉහළ නඟිමින් පවති. ඉකුත් මාස කීපයක් තිස්සේ ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා මවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම 50%ක් දක්වා පහත බැස තිබුණි.

ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත්, කැනියොන්, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලිබලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක


advertistmentadvertistment