විදුලිසර යොදා පුද්ගලයකු මැරූ විත්තිකරුට මරණ දඩුවම

68

විදුලිසර යොදා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවකුට ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ධ්‍යා නානායක්කාර මහත්මිය මරණීය දණ්ඩනය නියම කළාය.

මෙසේ මරණීය දණ්ඩනය නියම වූයේ අජිත් චන්දන හේවාවිතාරණ (50) නමැති විත්තිකරුවකුටය.

යක්කලමුල්ල පොලිස් වසමේ ඉමදූව දී 2000 පෙබරවාරි 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක විදුලි සැර යොදා මැදවා කන්දගේ චන්ද්‍රපාල යන අයගේ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබිණ.

මියගිය අය ගොයම් පෑගීම සඳහා උදේ නිවසින් පිටව ගොස් ගොයම් පාගා අවසන්ව වෙනත් අයෙකුගේ නිවසින් රාත්‍රී ආහාරගෙන චූදිතගේ නිවස අසළින් එනවිට එම නිවසේ මුළුතැන්ගෙය ළඟදී විදුලි සැර වැදී මියගොස් ඇති බවත් පැමිණිල්ල කියා සිටියේය.

චුදිතගේ සහෝදරයෙකුද ඒ ආසන්නයේ පදිංචිව සිටින බවත්, ඔවුන් දෙපිරිසම භාවිත කරන්නේ එකම ළිඳක් සහ එකම වැසිකිළියක් බවත් චූදිත තම සහෝදරයා ඝාතනය කිරීම සඳහා රාත්‍රි කලයේ මෙසේ විදුලි රැහැන් ඇද උදේට ගළවන බවට අනාවරණය වී ඇති බවත් පැමිණිල්ල කියා සිටියේය.

රජයේ නීතිඥ චිරන්තක පලුගස්වැව මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර යක්කලමුල්ල පොලිසියේ සැරයන් අමරසිරි (35910) මහතා පැමිණිල්ලට සහාය විය.
අහංගම – සුගතපාල දීයගහගේ


advertistmentadvertistment