මාස හය හතක් ඇතුළත මෙගාවොට් 300 ක් පමණ අලූතින් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නම් කඩිනමින් වහල මත සවිකළ හැකි සූර්ය පැනල ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කළ යුතු බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය කියා සිටී.
මේ මොහොතේ සිටම ඒ කටයුතු ආරම්භ කළ යුතු මුත් වගකිවයුතු නිලධාරීන් සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ද හරස්කපමින් සිටින බව ද එම සංගමය කියා සිටී.
මේ වනවිට වහළ මත සූර්ය පැනල (සෝලා පවර්* ව්‍යාපෘති සඳහා ලංවිම වෙත ඉල්ලූම්පත් සිය ගණනක් ලැබී ඇතැයි ද ඒ අයගේ ශක්‍යතා අධ්‍යයනය කර මූලික සුදුසුකම් සපුරන අයට කුසපත් ක‍්‍රමයට ඒ ව්‍යාපෘති පිරිනැමිය හැකි බව ද එම සංගමයේ ඉංජිනේරුවෝ කියා සිටිති.
ශිරාන් රණසිංහ