විදුලි කාන්දුවකින් යාපනයේ නිවසක් දැවී අළු වෙයි

25

විදුලි කාන්දුව ඉහළ මාලයෙන්

විදුලිය කාන්දුවීමක් නිසා යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ නිවසක් පසුගිය දිනෙක සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ගොස් තිබේ. නිවසේ අයිතිකරු රැකියාව සඳහා ගොස් සිටියදී නිවසට ගිනි ඇවිළී තිබේ. අසල්වාසීන් පිරිසක් විසින් ලබා දුන් දුරකතන ඇමතුමකට අනුව නිවසේ අයිතිකරු පැමිණ බලන විට නිවසට ගිනි ඇවිළී නිවසේ තිබූ සියලු භාණ්ඩද ගින්නට හසු වී දැවී අළු වී ගොස් තිබෙනු දැක ඇත.

මේ පිළිබඳ යාපනය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ අරම්භ කොට තිබේ.

ඒ අනුව ගින්නට හේතුව එම නිවසේ ඉහළ මාලයේ එක් ස්විචයකින් විදුලිය කාන්දු වීමක් බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ගින්න හේතුවෙන් නිවසට රුපියල් ලක්ෂ අසූවක පමණ අලාභයක් ද භාණ්ඩවලට ලක්ෂ විසි පහක පමණ අලාභයක්ද සිදුව ඇතැයි නිවසේ අයිතිකරු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment