විදුලි කාර්මිකයාගේ දෙඅත් කැපූ සිද්ධියට මුල අනියම් සම්බන්ධයක්! පොලිසියට සැකයක්

822

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී විදුලි කාර්මිකයකුගේ දෙඅත් මැණික් කටුව අසලින් වෙන්වෙන්නට කඩුවකින් කොටා එම කොටස් රැගෙන පලාගිය සැකකරු සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව මොරටුව මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

අමානුෂික කඩු ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා පානදුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද හෙතෙම කීය.

මෙම අමානුෂික ප්‍රහාරයට මෙලෙස ලක්ව ඇත්තේ මොරටුව, කොරලවැල්ල, ධීවර නිවාස හි පදිංචි දුමින්ද රෙජිනෝල්ඩ් නමැති (40) හැවිරිදි අයෙකි.

තුවාලකරු සැකකරුගේ බිරිඳ සමග පැවති බව කියන අනියම් සම්බන්ධයක් මෙම සිද්ධියට මුල් වන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

අමානුෂික ප්‍රහාරයට ලක්වූ තුවාලකරුගේ නිවැසියන් මොරටුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹූ බවද පොලිසිය පවසයි.

තුවාලකරුගේ වෙන්වූ අත් කොටස් හා සැකකරු සොයා පොලිසිය මෙහෙයුම් දැඩිකර තිබිණි. තුවාලකරුගේ කපා වෙන්කළ අත් කොටස් තිබුණේ නම් එය බද්ධ කිරීමට හැකියාව තිබූ බව ද පොලිසිය කියයි.

මේ පිළිබඳව මොරටුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්‍ෂණය යටතේ මොරටුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නන්දන පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන ජයනාත් (20108), දිලංක (7220), නිරෝෂන් (39760), බණ්ඩාර (99626), මධුවන්ත (101590) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති. මෙම අමානුෂික තියුණු ආයුධ පහරදීම අසල තිබූ සී. සී. ටීවී කැමරාවක සටහන් වී තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment