විදුලි ජනන ඉලක්කය 70% දක්වා වැඩි කිරිම අරමුණයි – ඇමැති ඩලස් අලහප්පෙරුම

507

ජනාධිපතිතුමන්ගේ පුනර්ජනනීය බලශක්ති ඉලක්කයට අනුව ලංකා විදුලිබල මණ්ඩලය සකස් කරන ලද 2022-2030 විසි අවුරුදු ජනන සැලැස්මේ 2030 සියයට 50%ක් වූ පුනර්ජනනීය ඉලක්කය ජනාධිපතිතුමන් දුන් උපදෙස් මත එම ඉලක්කය සියයට 70% දක්වා වර්ධනය වන ලෙස නැවත සකස් කිරීමට අවධාරණය කළ බව යයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ‘දිවයින’ට ඊයේ (19 දා* පැවැසීය.
 
 ලංවිම සැකසූ විසි අවුරුදු ව්‍යාපෘති සැලසුම ඇමැති අත්හිටුවයි මැයෙන් ඊයේ ‘දිවයින’ පත‍්‍රයේ පළවූ පුවත ගැන කරුණු දක්වමින් ඇමැතිවරයා එසේ කීය.
 
 මේ අතර 2021.07.07 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති විදුලිබල අමාත්‍යාංශ ප‍්‍රගති සමාලෝචන රැුස්වීමේදී ජනාධිපතිතුමා විසින් රාජ්‍ය අමාත්‍යතුමන්, අමාත්‍යාංශ ලේකම්තුමිය සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමන් වෙත කරුණු පැහැදිලි කරමින් වසර 2030 වන විට විදුලිබල ක්‍ෂේත‍්‍රයට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 70%ක් දක්වා වර්ධනය කිරීම වෙනුවෙන් වන සුවිශේෂී සැලසුම් සහිතව විදුලිබල ක්‍ෂේත‍්‍රයේ ඉදිරි කටයුතු සැලසුම් කළ යුතු බව පැවසූ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ විසි අවුරුදු ජනන සැලැස්මද ඒ අනුව සකස් විය යුතු බවද අවධාරණය කර තිබෙන බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.


advertistmentadvertistment