ජනාධිපති ලේකම් කාර්යාලයේ විදුලි නඩත්තු කටයුතු වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල වහාම ගෙවා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ.
ඉකුත් 2021-2022 වසරවලට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් 1,9825,970 මුදලක් මෙසේ නොගෙවා පැහැර හැර ඇත.
රාජ්‍ය ආයතනවල විදුලි නඩත්තු කටයුතු ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් යොදවා සිදුකරන අතර එම නඩත්තු කටයුතු සඳහා ඒ ඒ රාජ්‍ය ආයතන විසින් ගෙවීම් සිදුකළ යුතුව ඇත.
මීට පෙර වසරවල ජනාධිපති කාර්යාලය අදාළ නඩත්තු කටයුතු සඳහා ගෙවීම් සිදුකළත් 2021-2022 වර්ෂවලට අදාළ ගෙවීම් මෙලෙස පැහැරහැර ඇත.
මෙහි බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ හිඟ මුදල් නොගෙවා තිබියදී විදුලි නඩත්තු කටයුතු විදුලිබල මණ්ඩලයෙන් ඉවත් කර නාවික හමුදාවට භාර දීම යැයි ලංවිම ඉංජිනේරු, තාක්ෂණ හා අධිකාරි සංගමයේ සභාපති ඒ. යූ. ජී. නිශාන්ත මහතා ‘දිවයින’ ට පැවසීය.
ශිරාන් රණසිංහ