විදුලි ගාස්තු සංශෝධන ඇතුළත් කැබිනට් පත්‍රිකාව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද (09දා) නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විදුලි ගාස්තු වැඩිකිරීමට අදාළව කැබිනට් පත්‍රිකාව ඇමැතිවරයා මීට පෙර අවස්ථා දෙකකදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි. එම අවස්ථා දෙකේදීම කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී ගැනීමට යෝජනා විය.
මෙම යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළද නැවත වරක් මෙය කල්යනු ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී. මෙම යෝජනාවට අනුමැතිය ලබාදීමට ඇතැම් ඇමැතිවරුන් කැමැත්තක් නොදක්වන නිසා එම තත්ත්වය ඇතිවී තිබෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා