විදුලි බිල වැඩි කරන තීරණයට එරෙහිව ‘විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය’ වස් කවි කියයි

136

දැන් කියන්න ඉන්නේ දෙවියෝ විතරයි:

විදුලිය අර්බුදය මවන්නා වූත්, මේවාට විසඳුම් නොදෙන්නාවූත්, සියලුදෙනාටත් මේවාට අනුමැතිය දෙන්නා වූ සියලු දෙනාටත් අද දවසේ අපි වස්කවියක් පේ කරන්න පටන් ගන්නවා. අද දින කරන්නාවූ කන්නලව්ව රටටත් ජාතියටත් සෙත් පතා කරනා එකක් සේම විදුලිය මාෆියාවට දෙවියන්ගෙන් හෝ දඬුවම් ඉල්ලා කරන්නක් යැයි කියමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ ඔවුන්ගේ මාධ්‍ය හමුවේදී දෙවියන් යදිමින් කවියක් ගායනා කළේය.

විදුලි බිල වැඩි කරන්නට හදන අයට දෙවියන් හෝ දඬුවම් දිය යුතු යැයි ද ඔහු කීවේය. ඊයේ (23 දා) කොළඹදී මාධ්‍ය හමුව පැවැත්විණි.

මේ විදුලි අර්බුදයට අණ කරන විනකරන අයට දඬුවම් ඉල්ලා අපි වස්කවියක් සේම පොල් ගෙඩියක් පේ කරන්නත් ආරම්භ කළා. මේ පොල් ගෙඩිය අපි දින හතක් පේ කරල අපේ ගුරුන්නාන්සේ කියලා දුන්න ආකාරයට දේවාලයක් ඉදිරියට හෝ කෝවිලක් ඉදිරියට ගිහිල්ලා, බිඳිනවා” යැයි ද සංජීව ධම්මික මහතා කීවේය.

අද විදුලිය පාවිච්චි කරන්නන්ට දුක කියන්න ඉතිරිව ඇත්තේ දෙවියන්ට පමණකැයි ද පැවසූ සංජීව ධම්මික මහතා වස් කවිය අන්තර්ජාලයට මුදා හරින බවත් එය අනිත් අය අතරේ බෙදා හරින ලෙස සියලු විදුලිය පාවිච්චි කරන්නන්ගෙන් ඉල්ලා සිටින බවත් කීවේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment