විදුලි විරෝධය හෙට පවත්වන බව වෘත්තීය සමිති කියයි

166


යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතලියක් සහ එල්.එන්.ජී ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට ලබාදීමට අත්සන් කර තිබෙන ගිවිසුම අහෝසි කර ගන්නා ලෙසට බලකරමින් හෙට විදුලිය,වරාය,තෙල් විරෝධතා ව්‍යාපාරය යොදාගත් පරිදිම පවත්වන බව ලංකා විදුලි සේවක සංගමයේ කැඳවුම් කරු රන්ජන් ජයලාල් මහතා පවසයි.

දිවයින පුරා පිහිටි විදුලිබල මණ්ඩලයට අයත් කාර්යාල වල සේවකයින් හෙට කොළඹ විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්‍යාලයට පැමිණ දහවල් 12ට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද ඒ මහතා පැවසීය.

මීට සමගාමීව ජාතික සම්පත් විකිණීමට එරෙහිව වරාය විමලධර්ම ඔරලෝසු කණුව අසල සහ තෙල් සංස්ථාවට අයත් ඔරුගොඩවත්ත සහ සපුගස්කන්ද කාර්යාල ඉදිරිපිට දහවල් 12ට එහි සේවකයන් විරෝධතා ව්‍යාපාරයක නිරතවන බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment