විදුලි සෝපානයක් කඩා වැටී තරුණියක් මිය යයි

281


මහනුවර පිළිමතලාව ප‍්‍රදේශයේ ප්ලාස්ටික් ආශ‍්‍රිත නිෂ්පාදන ආයතනයක විදුලි සෝපානය ඊයේ කඩා වැටීමෙන් එහි ගමන් ගනිමින් සිටි වයස අවුරුදු 26 තරුණියක් මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබ ඇත.
ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබේ.
මියගොස් ඇත්තේ බලන ප‍්‍රදේශයේ පදිංචි අයේෂා ජයමාලි කුලරත්න නම් තරුණියකි.
අනතුරින් බරපතල තුවාල ලත් විසි හතර හැවිරිදි තරුණිය පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට මාරුකර යවා තිබේ.
මෙම පුද්ගලික ආයතනයේ විදුලි සෝපානය නිසි ප‍්‍රමිතියට සකස් කොට ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත කඩුගන්නාව පොලිසිය සිදු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment