විදෙස්ගත ශ්‍රීලාංකිකයන්ට පොලී රහිත ණයක්

397

විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පොලී රහිත සුවිශේෂී ණය යෝජනා ක්‍රමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වෙයි.මේ සඳහා කැබිනට් අනුමතිය ලබා ගැනීමට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ කම්කරු හා විදේශ සේවා ඇමැති මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් ඉදිරි සතියේදී ඇමැති මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙමගින් විදේශ සේවයන්හි නියුක්ති ශ්‍රී ලාංකිකයන්ට මෙරට ඕනෑම වාණිජ බැංකුවක් වෙත එවනු ලබන විදේශ සම්ප්‍රේෂණ තුළින් මෙම සුවිශේෂී ණය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.මෙරට ඕනෑම වාණිජ බැංකුවක පවත්වාගෙන යන අනේවාසික ගිණුමක් වෙත වාර්ෂිකව එවන ලද මුදල මෙන් පස් ගුණයක් ණය මුදලක් ලෙස පොලී රහිතව ලබා ගැනීමේ සුවිශේෂී වරප්‍රසාදයක් මේ තුළින් හිමිවන අතර, ඊට මෙරට සියලු වාණිජ බැංකුවල එකඟතාව ද පළවී තිබේ. මෙම සුවිශේෂී ණය යෝජනා ක්‍රමය කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව ඇමැතිවරයා විදේශ සේවා හා කම්කරු ඇමැතිවරයා හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සමගත්, සියලුම වාණිජ බැංකු නියෝජිතයන් සමගත් සාකච්ඡා කර ඇත.

අනුර බාලසූරිය


advertistmentadvertistment