විදෙස් ආධාර නොලැබීමෙන් ඉදිරි වසර හතරේ ඒඩ්ස් මරණ ලක්‍ෂ 60ක්

24

ඇමරිකානු රජය විසින් ලබාදෙන මූල්‍ය ආධාර කපා හැරීම හේතුවෙන් ලොව පුරා දිනකට එච් අයි වී /ඒඩ්ස් රෝගයට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව 2000කින් පමණ වැඩි වනු ඇති බවත් ඉදිරි වසර හතර තුළදී ගෝලීය ඒඩ්ස් මරණ සංඛ්‍යාව මිලියන හයකට අධික සංඛ්‍යාවකින් වැඩි වන බව යූ එන් ඒඩ්ස් වැඩසටහනේ විධායක අධ්‍යක්ෂිකා විනි බයන්යිමා විසින් අනතුරු අඟවා තිබේ.

එච් අයි වී /ඒඩ්ස් වැඩසටහන්වලට සපයන අරමුදල් ඇතුළුව විදේශාධාර අත්හිටුවීමට ඇමරිකානු රජය විසින් ගෙන ඇති තීරණය එච් අයි වී/ඒඩ්ස් ආසාදනයට එරෙහිව දියත් කර ඇති ගෝලීය සටන තියුණු ලෙස ආපස්සට හැර වීමකට මඟපාදනු ඇති බව සඳහන් කර ඇති යූ එන් ඒඩ්ස් වැඩසටහනේ විධායක අධ්‍යක්ෂිකාව දැනටමත් එම තීරණය විනාශකාරී ප්‍රතිවිපාකයන්ට මුල් වී ඇති බැවින් විදෙස් ආධාර අත්හිටුවීමට ගෙන ඇති තීරණය ආපසු හරවා ගන්නා ලෙස ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.


advertistmentadvertistment