හික්කඩුව, වවුලගොඩ මාවතේ දී ඉතාලි ජාතික විදේශිකයකුගේ ගමන් බෑගය යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ඊයේ (15) රාත‍්‍රි පැහැරගෙන ගොස් ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.
විදේශිකයාගේ ගමන් බෑගයේ යුරෝ 100ක මුදලක්, රුපියල් 30,000ක් පමණ වටිනා ඇස් කණ්ණාඩි යුගලයක්, ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක් තිබී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
|