විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සුහද හමුව දා

19

විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ සුහද හමුව පසුගිය සෙනසුරාදා (15 වැනිදා) මොරටුව ගොරකාන රාමඩා හෝටලයේදී පැවැත්විණි.

විවිධ හේතූන් මත වසර කීපයකින් පැවැත්වීමට නොහැකි වූ මෙම සුහද හමුව නැවත මෙම වසරේ ඉතා උසස් අන්දමින් පැවැත්විණි.

ඉන්දියාව, නේපාලය, තායිලන්තය, වියට්නාමය ආදී විදේශ බෞද්ධ නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර බුද්ධශාසන අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන නියෝජිතයෝ සහභාගි වූහ.

මෙම අවස්ථාවට රජගහ නුවර වේලුවන ශ්‍රී ලංකාරාමාධිකාර නවදිල්ලියේ ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විශ්‍රාමික ශාලාවේ පරිපාලන ලේකම් ආනන්ද බෝධි සමාගමේ උප සභාපති පූජ්‍ය පල්ලේගම විජිත හිමියන් ඇතුළු මහා සංඝරත්නයද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහි මූලික අරමුණ අපේ රටේ සංචාරකයන්ට විදේශ සංචාරය සඳහා මගපෙන්වීම සහ විදේශිකයන් මෙරටට ගෙන්වා ගැනීමෙන් රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා දායකවීමයි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම සුහද හමුවට සහභාගි වූ විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ ප්‍රධානීන් හා පැමිණ සිටි ගිහි පැවිදි පිරිසෙන් කොටසකි.

ඡායාරූප – ප්‍රසන්න බ්‍රාහ්මණ

advertistmentadvertistment
advertistmentadvertistment