විදේශ මුදල් සංචිතය ලෑල්ලටම හිඳිලා

255

මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත පෙර නොවූ ආකාරයට හිඳී ඇති බව වාර්තා වෙයි. පසුගිය මාර්තු අග වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් වුවත් එහි ඇති චීන විදේශ විනිමය හුවමාරු පහසුකමේ ඇති මුදල අඩු කළ විට ඉතුරු වන භාවිතා කළ හැකි මුදල් සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට පමණ අඩු වෙයි.

එසේම මේ දක්වා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීමට ඩොලර් මුදාහැරීමට විටින් විට සිදුවීම නිසා එම සංචිත ප්‍රමාණයද තවදුරටත් අඩු වී අපේ විදේශ සංචිත තත්ත්වය ලංකාවේ අඩුම අගය දක්වා මේ වන විට පහත වැටී ඇති බවද ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

මේ තත්ත්වය හමුවේ දිනෙන් දින පිරිහෙන රුපියල ස්ථාවර කර ගැනීමටද දුෂ්කර තත්ත්වයක් උද්ගත වී තිබෙන බවද වාර්තා වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment